Thursday, March 19, 2026
21.5 C
Sri Lanka

ශ්‍රීලංකන් ගුවන් සේවය නවීනතම උපකරණ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන් යානා අතර මගීන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස්රථ (Passenger apron coaches) තුනක් මිලදී ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගත්තේ ය.

මේ වනවිට ගුවන් තොටුපළේ කාර්යබහුලත්වය COVID-19 වසංගතයට පෙර පැවති තත්ත්වයට පැමිණෙමින් පවතින නිසා, බිම්ගත මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන උපකරණ මිලදී ගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය. මෙම ආයෝජනය මගීන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් තිළිණ කිරීමට ඉවහල් වනු ඇත.

“මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතාම යහපත් කාලසීමාවක්. පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ මේ නවීන බස්රථ මිලදී ගැනීමටත්, බිම්ගත මෙහෙයුම් කාර්යක්ෂම කරන වෙනත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමටත් හැකි වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළුව සියලුම ගුවන් සේවාවන් භාවිතා කරන මගීන්ට විශිෂ්ට හා විශ්වාසනීය සේවාවක් සැපයීමට මෙන්ම, සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ජාතික මට්ටමේ ක්‍රමෝපායන්ට අත්වැලක් වීමට අප කැප වී සිටිනවා. මෙම වැඩිදියුණු කිරීම් හේතුවෙන් අපගේ මෙහෙයුම්වල කැපීපෙනෙන පරිවර්තනයක් සිදු වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම්ගත මෙහෙයුම් සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසී ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රසම්පාදන විධිවිධානවලට අනුකූලව සිදුකරන ලද පරිපූර්ණ හා විනිවිදභාවයෙන් යුත් තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම නව බස්රථ මිලදී ගන්නා ලදි. චයිනා ඉන්ටනැෂනල් මරීන් කන්ටේනර්ස් (China International Marine Containers) සමාගමෙන් මිලදී ගන්නා ලද මෙම බස්රථ නවීනතම තාක්ෂණයෙන් සහ ඉහළ සැපපහසුවකින් යුක්ත ය. මෙහෙයුම් කටයුතු මෙලෙස වැඩිදියුණු කිරීම මගින් ගුවන් තොටුපළ සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස සැපයීමට මෙන්ම මගීන්ට වැඩි පහසුවක් සැලසීමට තමන්ට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය විශ්වාසය පළකරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img