Sunday, September 29, 2024
21.4 C
Sri Lanka

ශ්‍රීලංකන් ගුවන් සේවය නවීනතම උපකරණ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන් යානා අතර මගීන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස්රථ (Passenger apron coaches) තුනක් මිලදී ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගත්තේ ය.

මේ වනවිට ගුවන් තොටුපළේ කාර්යබහුලත්වය COVID-19 වසංගතයට පෙර පැවති තත්ත්වයට පැමිණෙමින් පවතින නිසා, බිම්ගත මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන උපකරණ මිලදී ගැනීම අත්‍යවශ්‍ය කරුණක් විය. මෙම ආයෝජනය මගීන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් තිළිණ කිරීමට ඉවහල් වනු ඇත.

“මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉතාම යහපත් කාලසීමාවක්. පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ මේ නවීන බස්රථ මිලදී ගැනීමටත්, බිම්ගත මෙහෙයුම් කාර්යක්ෂම කරන වෙනත් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමටත් හැකි වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළුව සියලුම ගුවන් සේවාවන් භාවිතා කරන මගීන්ට විශිෂ්ට හා විශ්වාසනීය සේවාවක් සැපයීමට මෙන්ම, සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ ජාතික මට්ටමේ ක්‍රමෝපායන්ට අත්වැලක් වීමට අප කැප වී සිටිනවා. මෙම වැඩිදියුණු කිරීම් හේතුවෙන් අපගේ මෙහෙයුම්වල කැපීපෙනෙන පරිවර්තනයක් සිදු වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම්ගත මෙහෙයුම් සේවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසී ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රසම්පාදන විධිවිධානවලට අනුකූලව සිදුකරන ලද පරිපූර්ණ හා විනිවිදභාවයෙන් යුත් තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම නව බස්රථ මිලදී ගන්නා ලදි. චයිනා ඉන්ටනැෂනල් මරීන් කන්ටේනර්ස් (China International Marine Containers) සමාගමෙන් මිලදී ගන්නා ලද මෙම බස්රථ නවීනතම තාක්ෂණයෙන් සහ ඉහළ සැපපහසුවකින් යුක්ත ය. මෙහෙයුම් කටයුතු මෙලෙස වැඩිදියුණු කිරීම මගින් ගුවන් තොටුපළ සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස සැපයීමට මෙන්ම මගීන්ට වැඩි පහසුවක් සැලසීමට තමන්ට හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය විශ්වාසය පළකරයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img