Thursday, March 19, 2026
21.5 C
Sri Lanka

කමිඳු මෙන්ඩිස් ස්ථාන 18ක් පසු කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 18ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට කමිඳු 46 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක් (102 හා 164) රැස් කරමින් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 දෙනා අතරට (64) පිවිසි කමිඳු දෙවැනි තරගයේ දැක්වූ දස්කම් මත තවත් ස්ථාන 18ක් ඉදිරියට පැමිණියා.

දෙවැනි තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 92ක් රැස් කිරීමට කමිඳු සමත් වූ අතර, මේ හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 533ක් හිමි කර ගැනීමට ඔහු සමත්ව ඇත්තේ සිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 2ක් ඉදිරියට එමින් 25 වැනි තැනට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 3ක් ඉදිරියට එමින් 52 වැනි තැනට පත්ව සිටිනවා.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතර සිටින හිටපු නායක දිමුත් කරුණාරත්න ස්ථානයක් පහතට වැටී තිබෙන අතර නායක ධනංජය ද සිල්වා ස්ථාන 2ක් (16) පහතට වැටී තිබෙනවා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 27 වැනි ස්ථානයටත් (576), විශ්ව ප්‍රනාන්දු (41) සහ ළහිරු කුමාර (44) ස්ථාන 2ක් බැගින් ඒමටත් සමත්ව සිටිනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img