Sunday, September 29, 2024
22.1 C
Sri Lanka

කමිඳු මෙන්ඩිස් ස්ථාන 18ක් පසු කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 18ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට කමිඳු 46 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක් (102 හා 164) රැස් කරමින් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 දෙනා අතරට (64) පිවිසි කමිඳු දෙවැනි තරගයේ දැක්වූ දස්කම් මත තවත් ස්ථාන 18ක් ඉදිරියට පැමිණියා.

දෙවැනි තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 92ක් රැස් කිරීමට කමිඳු සමත් වූ අතර, මේ හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 533ක් හිමි කර ගැනීමට ඔහු සමත්ව ඇත්තේ සිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 2ක් ඉදිරියට එමින් 25 වැනි තැනට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 3ක් ඉදිරියට එමින් 52 වැනි තැනට පත්ව සිටිනවා.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතර සිටින හිටපු නායක දිමුත් කරුණාරත්න ස්ථානයක් පහතට වැටී තිබෙන අතර නායක ධනංජය ද සිල්වා ස්ථාන 2ක් (16) පහතට වැටී තිබෙනවා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ස්ථාන 7ක් ඉදිරියට පැමිණ 27 වැනි ස්ථානයටත් (576), විශ්ව ප්‍රනාන්දු (41) සහ ළහිරු කුමාර (44) ස්ථාන 2ක් බැගින් ඒමටත් සමත්ව සිටිනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img