Wednesday, March 18, 2026
20.8 C
Sri Lanka

ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර දෙසීයක් එල්ල කරයි.

ඉන් බහුතරයක් සිය ගුවන් සීමාවට ඇතුළු වීමට පෙර ඊශ්‍රායලය වළක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා නිලධාරින් ද එක්වී සිටි බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රාලයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුරට සුළු හානි සිදු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදු වී නැහැ.

මේ වනවිට බොහෝ රටවල් මැදපෙරදිග ගුවන් කලාපයට සිය යානා ඇතුළු කිරීම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊශ්‍රායලයේ මිත්‍ර බටහිර රටවල් සහ එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉරාන ප්‍රහාර හෙළා දැක ඇති බව සඳහන්.

ඊශ්‍රායල විසින් සිදු කර ඇති ඉල්ලීමකට අනුව ‍ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම ඉරාන ප්‍රහාරයට සැලකිය යුතු ප්‍රතිප්‍රහාරයන් එල්ල කරන බවට ඊශ්‍රායල බලධාරින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයක් ද සිදු කර තිබෙනවා.

අර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලෙයි ඊශ්‍රයාලයට සහය පළ කරන බවට ප්‍රකාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img