Wednesday, March 18, 2026
20.7 C
Sri Lanka

මුහුදේදී ඇල්ලු මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 3798ක්.

පසුගිය සිකුරාදා (12) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3798කට අධික බව නාවික හමුදා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි ග්‍රෑම් 906ක් එහි තිබූ බවයි.

එමෙන් ම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83යි ග්‍රෑම් 582ක් මෙම තොගය අතර තිබූ බව සඳහන්.

ලද බුද්ධි තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේ දී මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ලාංකීකය සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමට පැමිණි තවත් යාත්‍රාව සිටි සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ කිලෝමීටර් 246ක් දුරින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඊයේ (13) ගාල්ල වරායට රැගෙන ආ බව සඳහන්.

අදාළ බහුදින යාත්‍රාවේ උර 17ක් තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කර ඇති බව සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය ගාල්ල වරයාට ගෙනවිත් පරීක්ෂා කර තිබූ අතර එහි දී අනාවරණ වූයේ උර හතරක් තුළ හොරොයින් පැකට් 76ක් තිබූ බවයි.

උර 13ක පැකට් 129 අයිස් මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඉදිරි නීතිමය පියවර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

නාවික හමුදාව විසින් 2024 වසරේ මේ දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම් තුළින් රුපියල් මිලියන 9300කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img