Friday, September 27, 2024
26.2 C
Sri Lanka

හිරුණිකාට අධිකරණයට අපහාස කළ බවට චෝදනා.

කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය ඊයේ (17) නොතීසි නිකුත් කළා.

ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් මහතා විසින් ගොනු කොට තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කරනු ලැබුවා.

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයාට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබාදීමේ නියෝගය ජාත්‍යන්තර කාන්තා දිනයේදී වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විවේචනය කළ බව එම පැමිණිල්ලෙහි සඳහන්.

එමඟින් වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස පෙත්සම්කරු සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටියා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පෙත්සම්කරු වෙනුවෙන් නීල කන්දන් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ නිශාන් ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කර සිටියා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img