Tuesday, March 17, 2026
20.8 C
Sri Lanka

හිරුණිකාට අධිකරණයට අපහාස කළ බවට චෝදනා.

කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට මැයි 8 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අභියාචනාධිකරණය ඊයේ (17) නොතීසි නිකුත් කළා.

ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් මහතා විසින් ගොනු කොට තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කරනු ලැබුවා.

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයාට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබාදීමේ නියෝගය ජාත්‍යන්තර කාන්තා දිනයේදී වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විවේචනය කළ බව එම පැමිණිල්ලෙහි සඳහන්.

එමඟින් වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස පෙත්සම්කරු සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටියා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පෙත්සම්කරු වෙනුවෙන් නීල කන්දන් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ නිශාන් ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කර සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img