Tuesday, March 17, 2026
23.9 C
Sri Lanka

රුසියානු හමුදාවේ ලාංකිකයන් 500ක්රහස් පොලිසියට කළ අනාවරණය.

විශ්‍රාමික මෙරට හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් ඔවුන්ව යොදවා ඇත්තේ කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට බව ද අනාවරණය වී තිබෙනවා.

එසේ රුසියානු හමුදාවේ 500ක පමණ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවයේ නිරතව සිටින බව රුසියානු කුලී හමුදාවෙන් පලාවිත් මෙරටට පැමිණ සිටින යුද හමුදා විශේෂ බළකා සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින කෝප්‍රල්වරයකුවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කරනු ලැබුවා.

රුසියානු කුලී හමුදාවට එක්කරගෙන ඉදිරි ආරක්ෂක වළල්ලේ යුදමය කටයුතු සඳහා යොදවා සිටින මෙරට හමුදාවල සේවය කර විශ්‍රාම ගිය අය අතර වැඩි වශයෙන් ඇතැයි පැවසෙන්නේ යුද හමුදාවේ කමාන්ඩෝ සහ විශේෂ බළකායේ සාමාජිකයන් බව ද අනාවරණය වනවා.

පිරිසුදු කිරීමේ සේවා කටයුතු සඳහා යැයි රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමට දමන්නේ බලහත්කාරයෙන් බවත් පලා යන අයට වෙඩි තබන බවත් හසුවන අයව සිරගත කරන බවත් පලාවිත් සිටින විශ්‍රාමික කෝප්‍රල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර තිබෙනවා.

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් වන විශ්‍රාමික මේජර්වරයකු සහ ඒජන්සිකරුව‍කු වාරියපොළදී සහ දිගනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (17) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවාසවලදීයි.

මෙම දෙදෙනාට අමතරව තවත් කිහිපදෙනකු මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. මේජර්වරයා විජේබණ්ඩාර නමැති අයකු බවත් ඒජන්සිකරු බන්දුල නමැති අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම ජාවාරම මෙහෙයවීමට මහනුවර කටුගස්තොට පාරේ මහා පරිමාණයේ ඒජන්සියක් පවත්වාගෙන ගිය චතුරංග නමැති අයකු රුසියාවට පලා ගොස් එහි සැඟවී සිටින බවත් මෙම ජාවාරම මෙහෙයවන්නන් අතර ඔහු ද ඉහළින්ම සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත. ඔහු මෙරට රැඳී සිටියදී ඔහුගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බව තතුදත් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා රුසියාවට පලා ගොස් ඇත්තේ යුරෝපයේ රැකියා සඳහා රැකියා වීසා සමඟ යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදලක් ද වංචා කර බව ද අනාවරණය වනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img