Friday, September 27, 2024
29.3 C
Sri Lanka

රුසියානු හමුදාවේ ලාංකිකයන් 500ක්රහස් පොලිසියට කළ අනාවරණය.

විශ්‍රාමික මෙරට හමුදා සාමාජිකයන් රුසියාවට රැගෙන ගොස් ඔවුන්ව යොදවා ඇත්තේ කුලී හේවායන් ලෙස ඉදිරි ආරක්ෂක වළල්ලට බව ද අනාවරණය වී තිබෙනවා.

එසේ රුසියානු හමුදාවේ 500ක පමණ ශ්‍රී ලංකිකයන් පිරිසක් සේවයේ නිරතව සිටින බව රුසියානු කුලී හමුදාවෙන් පලාවිත් මෙරටට පැමිණ සිටින යුද හමුදා විශේෂ බළකා සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින කෝප්‍රල්වරයකුවිසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කරනු ලැබුවා.

රුසියානු කුලී හමුදාවට එක්කරගෙන ඉදිරි ආරක්ෂක වළල්ලේ යුදමය කටයුතු සඳහා යොදවා සිටින මෙරට හමුදාවල සේවය කර විශ්‍රාම ගිය අය අතර වැඩි වශයෙන් ඇතැයි පැවසෙන්නේ යුද හමුදාවේ කමාන්ඩෝ සහ විශේෂ බළකායේ සාමාජිකයන් බව ද අනාවරණය වනවා.

පිරිසුදු කිරීමේ සේවා කටයුතු සඳහා යැයි රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යුද බිමට දමන්නේ බලහත්කාරයෙන් බවත් පලා යන අයට වෙඩි තබන බවත් හසුවන අයව සිරගත කරන බවත් පලාවිත් සිටින විශ්‍රාමික කෝප්‍රල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කර තිබෙනවා.

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමක ප්‍රධානීන් වන විශ්‍රාමික මේජර්වරයකු සහ ඒජන්සිකරුව‍කු වාරියපොළදී සහ දිගනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (17) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවාසවලදීයි.

මෙම දෙදෙනාට අමතරව තවත් කිහිපදෙනකු මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. මේජර්වරයා විජේබණ්ඩාර නමැති අයකු බවත් ඒජන්සිකරු බන්දුල නමැති අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම ජාවාරම මෙහෙයවීමට මහනුවර කටුගස්තොට පාරේ මහා පරිමාණයේ ඒජන්සියක් පවත්වාගෙන ගිය චතුරංග නමැති අයකු රුසියාවට පලා ගොස් එහි සැඟවී සිටින බවත් මෙම ජාවාරම මෙහෙයවන්නන් අතර ඔහු ද ඉහළින්ම සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇත. ඔහු මෙරට රැඳී සිටියදී ඔහුගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බව තතුදත් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා රුසියාවට පලා ගොස් ඇත්තේ යුරෝපයේ රැකියා සඳහා රැකියා වීසා සමඟ යවන බව පවසා රුපියල් කෝටි ගණනක මුදලක් ද වංචා කර බව ද අනාවරණය වනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img