Monday, March 16, 2026
28.1 C
Sri Lanka

නීති කඩන පෞද්ගලික පාසල්වලට අමාත්‍යාංශයෙන් වේවැල.

චක්‍රලේඛ උල්ලංඝනය කරන, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට පහසුකම් සැපයීමේ දී දැඩි ස්ථාවරයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

ඒ ඒ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන්ට පත්වීම් ලබා දීම, සිසුන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීම ඇතුළු පහසුකම් අමාත්‍යාංශයෙන් සපයන නමුත් අමාත්‍යාංශය නිකුත් කරන චක්‍රලේඛ කෙරෙහි සැලකිල්ලක් නොදක්වමින් මෙම පාසල් කටයුුතු කරන බවට ලැබී තිබෙන පැමිණිලි සලකමින් ඉහත පියවර ගැනීමට නියමිත ය.

යම් පාසලක සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වන්නේ නම් එහි සේවය කරන රජයේ වැටුප් ලබන ගුරුවරුන් ද ක්‍රමයෙන් අඩු කළ යුතු බවට වන චක්‍රලේඛයක් පවතින නමුත් ඇතැම් පාසල් ඒ අනුව කටයුතු නොකරමින් සියලුම ගුරුවරුන් තවදුරටත් රඳවාගෙන සිටින බවට ද අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ. 

හම්බන්තොට කලාපයේ මෙවැනි පාසලක කලින් සිටි පන්සියයක් පමණ වන ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට දෙසියයක් දක්වා අඩු වී තිබිය දී අතිරික්ත ගුරුවරුන් ඉවත් කිරීම වෙනුවට තවදුරටත් ඔවුන් රඳවා ‍ගෙන සිටීම අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු වී ඇත. පවතින තත්ත්වය අනුව ගුරුවරු දොළොස් දෙනෙක් අතිරික්තව සිටිති. මෙම පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ දී රජයේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය නොකෙරෙන හෙයින් ඔවුන් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා ද යොදවා ගත නොහැකි ය. එහෙත් මෙම අතිරික්ත ගුරුවරුන් රජයේ පාසල්වලට අනුයුක්ත කරන ලෙසට අමාත්‍යාංශයට දිගින් දිගට ම බලපෑම් එල්ල වෙමින් පවතියි.

මෙම පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් අය නොකළ යුතු බවට වන චක්‍රලේඛය ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සාමාන්‍යකරණය වී තිබේ. ඇතැම් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් මිලියනයට ආසන්න මුදලක් අය කෙරෙන බවට ද අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. මේ පිළිබඳව ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

පාසල්වල පෙර වසරේ ආදායම් වියදම් වාර්තා ජනවාරි මස 31 වැනිදාට පෙර අමාත්‍යාංශයට එවිය යුතු වන නමුත් පාසල් අනූ පහෙන් මේ දක්වා ආදායම් වියදම් වාර්තා එවා ඇත්තේ පාසල් පහක් පමණක් වීම ද අමාත්‍යාංශය දැඩි සැලකිල්ලට භාජනය කර ඇත.

මෙලෙස චක්‍රලේඛ උල්ලංඝනය කරන මෙම පාසල්වල ගුරුවරුන්ගේ වැටුප් සඳහා වසරකට රුපියල් කෝටි දෙසිය පනස් තුනකට අධික මුදලක් වැය කිරීම දෙවරක් සිතා බැලිය යුතු කරුණක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img