Monday, March 16, 2026
28.1 C
Sri Lanka

රුපියල් ලක්ෂ පහකට අධික ආරම්භක වැටුපක් දෙන තනතුරු දෙකක් පාර්ලිමේන්තුවට.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්භක මාසික දළ වැටුපක් හිමිවන නව තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා.

මෙසේ අයදුම්පත් කැඳවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවට සහාය වීම සඳහා 2023 අංක 06 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතට අනුව පිහිටුවා ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පුරප්පාඩුව පවතින “පාර්ලිමේන්තු අයවැය නිලධරයා” සහ “නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයා ” යන නව තනතුරු දෙක සඳහායි.

මෙයින් පාර්ලිමේන්තු අයවැය නිලධරයා සඳහා අතිරේක දීමනා සහිතව රුපියල් 6,65 000 (හය ලක්ෂ හැටපන් දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයාට එලෙසම රුපියල් 5,60,000 (පන් ලක්ෂ හැට දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද හිමිවන බව මෙම පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අයදුම්පත් කැඳවූ නිවේදනයේ සඳහන්.

දක්ෂ ,අවංක,උසස් සදාචාරාත්මක ගුණයෙන් යුත් කීර්තිනාමයක් සහිත වයස අවුරුදු 65 ඉක්මනොවූ ,රජයේ අයවැයකරණය ,මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති හෝ සාර්ව ආර්ථික විශ්ලේෂණය පිළිබඳ පළපුරුද්දක් සහිත ශ්‍රි ලාංකික පුරවැසියන්ට ඉදිරි මැයි මස 06 දා දක්වා මෙම තනතුරු දෙක සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම නිවේදනයේ දැක්වෙන්නේ.

වසර පහක නිල කාලයක් සහිත මෙම තනතුරු දෙක සඳහා තෝරාගත් සුදුස්සන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img