Monday, March 16, 2026
27.7 C
Sri Lanka

තිරුපති කෝවිලේ, ස්ථාවර තැන්පතුව කෝටි 18,817ක්, රන් තැන්පතුව කිලෝග්‍රෑම් 11,329ක්.

ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති තිරුමාල තිරුපති කෝවිල විසින් රුපියල් කෝටි 1161ක මුදලක ස්ථාවර තැන්පතුවක් සිදු කර තිබෙනවා.

එය පසුගිය වසර 12 තුළ සිදු කළ ඉහළමත තැන්පතුව බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුගිය වසර 12 තුළ අඛණ්ඩව වසරින් වසර රුපියල් කෝටි 500ක් හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු උපයමින් සිටින රටේ එකම හින්දු ආගමික ආයතනය මෙය වන බව සඳහන්.

2012 වන තෙක්, තිරුපදි හි සමුච්චිත ස්ථාවර තැන්පතුව රුපියල් කෝටි 4,820 ක් ලෙස පැවැතියා.

තිරුපති භාරය 2013 සිට 2024 දක්වා රුපියල් කෝටි 8,467ක මුදලක් රැස් කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය සිදු වූ කාලයේ දී තිරුපති භාරයේ ස්ථාවර තැන්පතුව කෝටි 500 සීමාවට වඩා අඩු වුණා.

එය එම කෝවිලේ ස්ථාවර තැන්පතුව රුපියල් කෝටි 500ට අඩු වූ එකම අවස්ථාවයි.

සමස්තයක් වශයෙන්, 2024 අප්‍රේල් වන විට, තිරුපති භාරයේ බැංකු සහ එහි බොහෝ භාරවල මුදල් ශේෂය රුපියල් කෝටි 18817 ක්.

එය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වනවා.

වාර්ෂිකව තිරුපති භාරය එහි ස්ථාවර තුන්පතුවලින් පොලිය ලෙස රුපියල් කෝටි 1600 ක මුදලක් උපයන බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

තිරුපති භාරය විසින් කිලෝග්‍රෑම් 1031ක රන් තැන්පතුවක් තබා ඇති අතර එම ඒ අනුව එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 11,329ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img