Tuesday, September 24, 2024
27.4 C
Sri Lanka

බදු අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය.

2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව හඳුන්වා දුන් බදු අංකය (TIN) ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා.

ඒ, එම අංකය අංකය ලබා ගැනීමට මහජනතාවට යම් කාලයක් අවශ්‍ය බව රජයට අවබෝධ වී තිබීම හේතුවෙන්.

ඒ අනුව අයදුම් කළ අය සඳහා අංක නිකුත් කරන බව සඳහන්.

මීට පෙර බදු අංකය සඳහා අප්‍රේල් මස පළමුවැනිදාට ප්‍රථම ලියාපදිංචි විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම එම අංකය ලබා ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් අංක නිකුත් කිරීමේ දී මතු වී ඇති ගැටලු හේතුවෙන් අනිවාර්ය කාල සීමාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව සඳහන්.

බදු හැඳුනුම් අංක 100,000ක් පමණ නිකුත් කර ඇති බවයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවක සංගමයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික අර්බුදයේ බලපෑම් සමඟ දැනටමත් පොරබදමින් සිටින මහජනතාවගේ පීඩනය හේතුවෙන් අනිවාර්ය කාලසීමාව ප්‍රායෝගික නොවන බව සලකා ඇති බව සඳහන්.

බදු හැඳුනුම් අංක සඳහා ලියාපදිංචි නොවූ අයට රුපියල් 50,000ක දඩයක් පැනවීමට කටයුතු කරන බව රජය සඳහන් කර සිටියා.

ජංගම බැංකු ගිණුමක් ආරම්භ කිරීමට, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීමට, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමට හෝ බලපත්‍ර අලුත් කිරීමට සහ දේපළක් හෝ ඉඩමක් ලියාපදිංචි කිරීමට එම අංකය අනිවාර්ය අවශ්‍යතාවක් බව අයවැය යෝජනාවේ සඳහන්.

බදු හැඳුනුම් අංකය සඳහා ඉල්ලුම් කළ විට දෙපාර්තමේන්තුව එය අඛණ්ඩව නිකුත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2019 දී පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු මිලියන 1.7ක් තිබී ඇති අතර එය 2022 වන විට 204,467 දක්වා අඩු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, 2023 දී එම සංඛ්‍යාව නැවතත් 500,196 දක්වා වැඩි වී ඇති බව වැඩිදුරටත් සඳහන්.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img