Monday, September 23, 2024
21.2 C
Sri Lanka

කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට, වතු ජනතාවටත් සුභ බලාපොරොත්තුවක්.

ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව, කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බදුල්ලේදී අද (21දා) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. එම ජනතාවට ඉඩම් ලබාදීම පිළිබඳව මේ වන විට කටයුතු කරගෙන යනවා.

ඒ වගේම ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ මහල් නිවාස 50,000ක අයිතිය එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩකටයුතුවලදී අප දේශපාලන වශයෙන් බෙදිය යුතු නැහැ. අපි බෙදුනා නම් අද රටේ මෙම ප්‍රගතිය දකින්න ලැබෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනය අමතක කර අප ඉදිරියට යා යුතුයි” යනුවෙන් පවසා සිටියා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img