Monday, September 23, 2024
23.1 C
Sri Lanka

අගහිඟකම් හේතුවෙන් විසිපන් ලක්ෂ හැටපන් දහසක් වසර තුනට රට ගිහින්.

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

මේ අනුව 2022 වර්ෂයේදී එකොළොස් ලක්ෂ විසිහත් දහස් හත්සිය පනස් අට දෙනකු සහ පසුගිය වසරේදී දාහතර ලක්ෂ තිස් හත්දහස් හයසිය හත් දෙනකු විදේශගතව ඇති බව ඔහු කියා සිටියා.

මින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව හය ලක්ෂ අටදහස් නවසිය විසි පහකි. එය විදේශවලට ගොස් ඇති මුළු සංඛ්‍යාවෙන් සියයට 24ක පමණ ප්‍රතිශතයකි.

පසුගිය 2022 වසරේදී තුන් ලක්ෂ එකොළොස් දහස් දෙසිය හැට නවයක් ද පසුගිය වසරේදී දෙලක්ෂ අනූ හත්දහස් හයසිය පනස් හය දෙනකු ද විදේශ රැකියා සඳහා පිටව ගොස් ඇති බව මහාචාර්යවරයා පවසනවා.

පසුගිය 2023 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටව ගිය අයගෙන් සියයට හැත්තෑවක් පමණ වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන් වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස් බව පවසන වසන්ත අතුකෝරල මහතා පසුගිය වර්ෂයේදී විදේශ රැකියා සඳහා ගිය අය අතුරින් සියයට 34ක් වයස 25-34 අතර අය බවද පෙන්වා දෙනවා.

පසුගිය වසර දෙකේදී විදේස් ගතවූ පිරිසෙන් සියයට පනස් පහක් පිරිමි ද සියයට 45 ක් ගැහැනු අය ද වනවා.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේදී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව දහ අට ලක්ෂ විසි දහස් හාරසිය හැත්තෑ නවයකි.

ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය යනාදී කාරණා හේතුවෙන් මෙම පිරිස මෙසේ විදේශවලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img