Sunday, March 15, 2026
25 C
Sri Lanka

ලෝකෙ ලොකුම වාහන වෙන්දේසිය.

වාහනයක් මිලදී ගැනීමේදී ආසියාතිකයන් වැඩිපුරම කල්පනා කරන කාරණයක් වන්නේ ඒ වෙනුවෙන් තමන්ට වියදම් කිරීමට සිදුවන සහ වියදම් කිරීමට හැකි මුදලයි. යුරෝපයේ සිට ඉස්තරම් ම වර්ගයේ වාහනයක් මෙරට ගෙන්වීමට නම් ආසියාතිකයෙකුට විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ අයකුට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවන්නේය. ඒ නිසා බහුතරයක් දෙනා සිය සිහින වාහනය ලෙස මිලදී ගැනීමට පෙලඹෙන්නේ පොකට්ටුවට පහසු අඩු වියදම් ඉන්දියානු හා ජපන් වාහන මාදිලි ය. ඒ නිසාම මෙසේ අඩු වියදම් වාහන සඳහාම වෙන්වූ වාහන වෙන්දේසියක් ඇත්තේය.

ඒ, ජපානයේ ය. එය නම් කර ඇත්තේ USS Auto Auction ලෙසය. මෙහිදී ඉතා අනර්ඝ තත්ත්වයේ වාහන, කලක් භාවිතයට ගෙන ඉවත් කරන ලද වාහන මෙන්ම පැරණි වාහන මෙහිදී වෙන්දේසි වේ. මෙම වෙන්දේසියට ඕනෑම පුද්ගලයකුට ගාස්තු අය කිරීමකින් තොරව සහභාගී විය හැකි වීම විශේෂත්වයකි. මෙහිදී අඩු මිලට වාහන මෙන්ම ලොව භාවිත වන සුපිරි වර්ගයේ වාහනද අතේ ඇති මුදලට ලබා ගැනීමේ හැකියාව තිබීමද විශේෂත්වයකි.

සංඛ්‍යාලේඛන වාර්තා කියන හැටියට මෙහිදී සතියකට වාහන 50,000 ත් 60,000ත් අතර ප්‍රමාණයක් අලෙවි වේ. ඒවා ජපානයේ වෙන්දේසි මධ්‍යස්ථාන 19ක දී අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සිදුකෙරේ. ගැනුම්කරුවන්ට මේ ඕනෑම වෙන්දේසි මධ්‍යස්ථානයකට අදාළ දිනයන්වලදී ඇතුළු වී හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය වාහන මිලදී ගැනීම් සිදුකළ හැකිය.

ශ්‍රී ලංකාවේ දැනට ලක්ෂ 60ත් 70ත් අතර අලෙවි වන ජපන් වාහන මෙම වෙන්දේසියේ දී ලක්ෂ 10ට අඩුවෙන් ගැනුම්කරුවකුට ලබා ගැනීමේ හැකියාව ඇත්තේය. එම නිසා අලෙවිකරුවන්, ගැනුම්කරුවන් හා පාරිභෝගිකයන් විශාල වශයෙන් මෙම වාහන වෙන්දේසියට ඒමට පුරුදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල දකින්නට ලැබෙන සුළුතරයක් වන යුරෝපීය වාහන අතරින් කොටසක් මෙන්ම බහුතරයක් වන ජපන් වාහන මෙම වෙන්දේසියේ දී මිලදී ගෙන මෙරටට ගෙන්වන ලද වාහන මාදිලි වෙයි.

මෙම වෙන්දේසියේ දී අලෙවි වන වාහන අතරට ලොව මිල අධිකම රෝල්ස් රොයිස් හි සිට Porsche, Nissan, Toyota , Mazda ආදී ලෝකයේ ජනප්‍රිය සහ මිල අධිකම වාහන ඉතා අඩු මුදලකට මෙහිදී මිලදී ගත හැකිය.මේ හේතුවෙන් USS Tokyo වාහන වෙන්දේසිය ලොව විශාලතම සහ විශ්වාසනීයම වාහන වෙන්දේසිය ලෙස ලොව පුරා වාහනලෝලීන්ගේ ප්‍රසාදයට පත් වී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img