Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

අමුත්තන්ට සංග්‍රහ කරන්න ආණ්ඩුවේ සහල්වලට සල්ලි එකතු කරලා.

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරනවා.

එම මුදල ලබා නොදීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවට අඩු ආදායම්ලාභීහු ප්‍රකාශ කළා.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන 21 වෙනිදා ආරම්භ කෙරුණා.

මේ පිළිබඳව 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් ජාතික පුවත්පතක් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කර වත්තේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතියේ මගින් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ පිළිබඳව සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පි. තුෂාරි මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවයි. පසුව අප මේ පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්. අල් අමින් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ එලෙස සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, සත පහක්වත්, එකතු කිරීමට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳ ලිඛිතව දැනුවත් කළහොත් ඔවුනට විරුද්ධව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවත්ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img