Sunday, September 22, 2024
20.7 C
Sri Lanka

අමාරුවේ නොවැටී ක්‍රෙඩිට් කාර්ඩ් පාව්ච්චි කරන නියම විදිහ.

ක්‍රෙඩිට් කාඩ් යනු මාරයකු බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. එබැවින් ඇතැමුන් එම කාඩ්පත් ලබා ගැනීමට පවා බිය වෙති. සැබැවින්ම ක්‍රෙඩිට් කාඩ්පත් ඔතරම් භයානකද? එසේ නම්, සාමාන්‍ය ආදායමකින් හෙබි ඇතැම් පවුල් ක්‍රෙඩිට් කාඩ්පත් මත පමණක් යැපෙමින්, සුව සේ ජීවත් වන්නේ කෙසේද? මෙහි රහස කුමක්ද?

  1. ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදු කෙරෙන්නේ කෙටි කාලීන ණය ලබා ගැනීමට ඉඩ සැලසීමයි. සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පතකට අවම වශයෙන් දින 21ක සහ උපරිම වශයෙන් දින 51ක පොලී රහිත කාල සීමාවක් ඇත. මෙහි දින ගණන තීරණය වන්නේ මිලදී ගත් දිනය සහ බිල්පත් දිනය අනුවය. එනම්, ක්‍රෙඩිට් කාඩ්පතක් තබා ගැනීමෙන් ඔබට නොමිලේ ණයක් ලැබේ. මිතුරු හමුවකදී මුදල් නොමැතිකමින් අපහසුතාවකට පත් නොවීමට, පවුලේ කෙනකු හදිසියේ රෝහල්ගත කළහොත් මූල්‍යමය ගැටලුවකට මුහුණ නොදීමට, තමා ආදරය කරන පුද්ගලයන් ඉදිරියේ ලජ්ජාවට පත් නොවීමට යනාදී අවස්ථා සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රයෝජනවත් යවනු ඇත.

ඔබට ඔබේ මිලදී ගැනීම් කල්තියා සැලසුම් කළ හැකි නම්, ඒවා බිල්පත් දිනට පසුව සිදු කළ හැකි අතර එමගින් උපරිම සහන කාලයක් භුක්ති විඳීමට ඉඩා සැලසේ.

  1. ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන්නන් දැනට වෙළෙඳ අලෙවිසල් තුළ වට්ටම් ලබාදීම සඳහා තරගයක යෙදී සිටිති. මෙහි ඇති උපක්‍රමය නම්, එහිදී ඔබ සැබැවින්ම ඔබට අවශ්‍ය දේවල් සඳහා පමණක් වියදම් කළ යුතු වීමයි. කාඩ්පත් නිකුත් කරන්නන් ඉහත කී වට්ටම් පිළිබඳ ප්‍රචාරණය කරනු ලබන්නේ ඒය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් ලැබෙන වාසියක් බව පවසමිනි. එවැනි ප්‍රෝඩාවන්ට හසු නොවීමට ඔබ උගත යුතුය.
  2. බොහෝ ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නෝ ඔබ සඳහා වාරික සැලසුම් ඉදිරිපත් කරති. සමහරු අමතර ගාස්තු නොමැතිව මෙම අවස්ථා පිරිනමති. එවැනි වාරික ඔබේ වාහන රක්ෂණය වැනි වාර්ෂික ගනුදෙනු සඳහා හෝ නව දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම වැනි ආයෝජන සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ.
  3. ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන්නෝ බොහෝ අවස්ථාවලදී ත්‍යාග වැඩසටහන් ඉදිරිපත් කරති. මෙය ලෝයල්ටි පොයින්ට්, මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථා, ගුවන් සේවා සැපයුම් හෝ විවේකාගාර පහසුකම් යනාදී ආකාරවලින් ලැබිය හැකිය.
  4. ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නන් විසින් ඔබට ‘සංචාරක රක්ෂණය’ සහ ‘වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් රක්ෂණය’ වැනි ප්‍රයෝජනවත් රක්ෂණ සේවා සපයනු ලැබේ. ඇතැම් අවශ්‍ය වෙලාවන්හිදී මේවා ප්‍රයෝජනවත් වේ.
  5. ක්‍රිබ් හෙවත් ශ්‍රී ලංකා ණය කාර්යාංශය තුළ වාර්තා පිහිටුවීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඔබට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයකින් ලබා ගන්නා වෙනත් ඕනෑම ණය පහසුකමක් සේම, මෙහිද ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ වාර්තා තබා ගනු ලැබේ. ඔබ ක්‍රිබ් වෙතට අලුත් නම්, මෙය ඔබට ණය වටිනාකම ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දේ. ඔබ මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, අනාගතයේදී එය ප්‍රයෝජනවත් වනු ඇත. මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ණය කාර්යාංශයට අදාළව ඔබේ ආදායම් වාර්තා කිසිවක් නොමැති වීම අහිතකර ලෙස බලපායි.
  6. කෙසේ වෙතත් ‘ක්‍රිබ් වාර්තා නැත’ යන්නට වඩා භයානක වන්නේ ‘සෘණ ක්‍රිබ් වාර්තා’ තිබීමයි. ඔබ ගෙවිය යුතු අවම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, ඔබ වැරදි ගනුදෙනුකරුවකු ලෙස ටැග් කරනු ලබන අතර, ඊළඟ ක්‍රිබ් වාර්තාකරණයේදී ඔවුන් ඒ පිළිබඳ සටහන් තබා ගනු ලැබේ.
  7. ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නන් නියමිත වේලාවට සම්පූර්ණ හිඟ මුදල් පියවා නොගන්නා අයට කැමැතිය. එය ඔවුන්ට ලාභයකි. එබැවින් තමන්ට දැරිය හැකි පරිදි පමණක් වියදම් කිරීම ඔබේ වගකීමකි. ක්‍රෙඩිට් කාඩ්පතක් තිබීම ඔබට වගකීමක් වන අතර ඒ සඳහා මූල්‍ය විනය අත්‍යවශ්‍ය බවද මතක තබා ගත යුතුය.

ක්‍රෙඩිට් කාඩ් සීමාවක් සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ මාසික ආදායමෙන් දෙතුන් ගුණයකට අදාළව සකසා ඇත. එබැවින් ක්‍රෙඩිට් කාඩ් සඳහා පුරුදු වූ විට ඔහු සාමාන්‍යයෙන් මසකට සිය ආදායමට වඩා වැඩි මුදලක් වියදම් කරයි. එය භයානකය. මන්ද, එයින් අදහස් වන්නේ ඔබ ඔබේ අනාගත ඉපැයීම් වියදම් කරන බවයි. වාර්ෂික ප්‍රසාද දීමනාව වැනි මුදලක් එකවර ලැබෙන්නේ නම් මිස මෙය නුසුදුසුය. හදිසි අවශ්‍යතාවක් නිසා එසේ කිරීමට සිදු වුවහොත්, හැකි ඉක්මනින් පරතරය පියවීම සඳහා මුදල් ගෙවීම සුදුසුය. නැතහොත් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නෝ ගනුදෙනු දිනයේ සිට එය සම්පූර්ණයෙන්ම ගෙවන තෙක් පොලී අය කිරීමට පටන් ගනිති.

  1. ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන්නන්ට පාරිභෝගිකයන් සඳහා බහුවිධ ‘බිල්පත් චක්‍ර’ ඇත. එබැවින් ගෙවීම් කළ යුතු දිනය ඔබේ වැටුප් දිනයට පසුව යෙදෙන පරිදි බිල්පත් චක්‍රය සකසා ගන්න. මේ ආකාරයෙන්, ගෙවීම් දිනය පැමිණෙන විට ඔබට නියත වශයෙන්ම මුදල් සූදානම් කර තබා ගැනීමට හැකි වන අතර, එය කිසිදා මග හැරෙන්නේද නැත. මුලදීම ක්‍රෙඩිට් කාඩ් හිඟ මුදල් ගෙවීමෙන් පසු, ඔබට මාසය පුරා ඔබේ වැටුප පහසුවෙන් සැලසුම් කළ හැකිය.
  2. කිසි විටෙකත් ක්‍රෙඩිට් කාඩ්පතින් මුදල් ගන්න එපා. එය ඔබ කරගත් විශාලතම වරද වනු ඇත. එහිදී ඉතා ඉහළ ගාස්තු අය වනවා පමණක් නොව, ඔබ ඉහළ අවදානම් පාරිභෝගිකයකු බව කාඩ්පත් නිකුත් කරන්නාට අනතුරු අඟවයි. සියලුම මිලදී ගැනීම් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් සිදු කළ හැකි විට පාරිභෝගිකයකු මුදල් ලබා ගන්නේ ඇයි? ඒ, සාමාන්‍යයෙන් ඔබ විසින් සිදු කළ බවට අනෙකකු විසින් සොයා ගැනීමට අවශ්‍ය නොවන ගෙවීම් සඳහා හෝ කාඩ්පත් භාර නොගන්නා සේවාවන් සඳහා වේ. මෙය සුදුසු නැත.

මට ශ්‍රී ලංකාව තුළ ක්‍රෙඩිට් කාඩ්පතක් තිබිය යුතුද? එසේ නම්, ඇයි?

ඔව්, ඇත්ත වශයෙන්ම ක්‍රෙඩිට් කාඩ් යනු ඩෙබිට් කාඩ්පත් හා සසඳන විට වඩා හොඳ මූල්‍ය උපකරණයකි.

ඔබ නියමිත දිනට පෙර බිල්පත් පියවා එය භාවිත කරන්නේ නම් උපයෝගිතා බිල්පත්, සුපිරි වෙළෙඳසල් ගෙවීම්, ඉන්ධන ගෙවීම වැනි අවශ්‍ය ගෙවීම් පමණක් සිදු කරන්නේ නම්, ක්‍රෙඩිට් කාඩ්පත් විශාල වාසිගෙන දෙයි. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා තිබෙන බොහෝ දීමනා ඩෙබිට් කාඩ්පත් සඳහා නොමැති බව මතක තබා ගන්න. කුඩා ණය සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක් ආරම්භ කරන විට, එය ඔබේ ආදායමෙන් 50%ක් පමණ වේ. එබැවින් එය එතරම් බරක් නොවේ.

ක්‍රෙඩිට් කාඩ්පතක් තිබේ නම් ඔබට කිසි විටෙකත් මුදල් නැති නොවේ. මේ හරහා වාරික පදනම මත කිසියම් මිලදී ගැනීමක් සිදු කිරීමේදී පොලිය 0%කි. එසේම එය ඔබේ ප්‍රාග්ධනය කළමනාකරණය කිරීමට උපකාරී වේ.

යමකු ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කළහොත්, එහිදී සිදු කෙරෙන ගනුදෙනු ආපසු හැරවීම පහසුය. ඩෙබිඩ් කාඩ්පතකින් එය කිරීම අපහසුය.

බැංකුවකින් ණය ලබා ගැනීමේදී ක්‍රෙඩිට් කාඩ්පතක් තිබේ නම්, පහසුවෙන් ණය ගත හැකිය.

ක්‍රෙඩිට් කාඩ්පතක් ගැනීමේදී මා සලකා බැලිය යුතු බැංකු සහ කාඩ්පත් මොනවාද?

බොහෝ පුද්ගලයන් අතර වඩාත් ජනප්‍රිය කාඩ්පත කුමක්දැයි මෙහිදී සොයා බැලීම වටියි. එනමුත් වැඩි වාර්ෂික ගාස්තු සහිත කාඩ්පත් තෝරා නොගත යුතුය. එසේම, ඒවා වීසා හෙවත් වෙළෙඳ කාඩ්පත් වන බවට වග බලා ගන්න.

ක්‍රෙඩිට් කාඩ්පත්වල ප්‍රධානතම නීතිය නම්, ‘නියමිත වේලාවට ගෙවන්න’ යන්නයි.

ක්‍රෙඩිට් කාඩ්පත් සෑම ගනුදෙනුවක් සඳහාම ඉහළ ලකුණු ලබා දෙයි. එබැවින් මුදලින් කරනවාට වඩා ක්‍රෙඩිට් කාඩ්පත භාවිතය නැණවත්ය.

මාර්ගගත හෙවත් ඔන්ලයින් ගනුදෙනු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත නිර්දේශ කෙරේ. එම අවස්ථාවේදී යමක් වැරදුණහොත් ඔබට ගෙවීම ආපසු හැරවිය හැක. ඩෙබිට් කාඩ් භාවිතයේදී එය අපහසුය.

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී ඔබ අදාළ බැංකුව සමග කතාකර විශේෂයෙන් බිල්පත් අවසන් කිරීමේ කාලය ආදිය ඇතුළත් බිල්පත් චක්‍රය නිවැරදිව තේරුම් ගත යුතුය.

ඔබට විදේශ ආයෝජන/ආදායම් තිබේ නම්, අන්තර්ජාතික බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ්පතක් තෝරාගැනීම වඩා හොඳය.

ක්‍රෙඩිට් කාඩ්පත්වල අවාසි.

මේ වන විට ඇතැම් සමාගම් ඩෙබිට් කාඩ් වාරික සැලසුම් පිරිනමමින් සිටින හෙයින්, ක්‍රෙඩිට් කාඩ්පත්වලට දැන් එම ප්‍රතිලාභය සම්පූර්ණයෙන්ම නොලැබේ.

මධ්‍යම හෝ පහළ, අඩු ආදායමක් උපයන බොහෝ දෙනකු ක්‍රෙඩිට් කාඩ්පත් හේතුවෙන් නොදැනුවත්ව ම විශාල වශයෙන් ණය වීමේ ප්‍රබල අවස්ථාවක් ඇත. එහි පොලී අනුපාත අනුව ඔබ දිගින් දිගටම ණය වීමට ගියහොත් අවසානයේදී ඔබට ගැලවීමට අපහසු වනු ඇත.

ඔබ සෑම මසකම නියමිත වේලාවට කාඩ්පත් බිල්පත ගෙවන්නේ නම්, එයින් ඇති වාසිය කුමක්ද? ඔබ යමක්කමක් ඇති පවුලක් නොවේ නම්, සති කිහිපයක් සඳහා පමණක් ක්‍රියාත්මක වන කුඩා ණයක් ලබා ගැනීමට වඩා, පඩිපත පමණක් වියදම් වන පරිදි ඩෙබිට් කාඩ්පතක් ලබා ගැනීම වඩා සුදුසු යැයි හැඟීමට ඉඩ ඇත.

ඇතැම් අවස්ථාවලදී, ඇතැම් වෙළෙඳසල් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සැඟවුණු මුදලක් අය කිරීම අවාසියකි.

අත්පිට මුදලට යමක් මිලදී ගැනීමේදී ලැබෙන බොහෝ වට්ටම් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ලැබෙන්නේ නැත.

ක්‍රෙඩිට් කාඩ්පත සැබැවින්ම රඳා පවතින්නේ ඔබ මතමයි. ඔබ ඔබේ වියදම් ගැන කල්පනාකාරී නම්, එය පුදුම සහගත වාසිගෙන දෙයි. එනමුත් ඔබ නොසැලකිලිමත් නම්, එය ඔබ විනාශ කරනු ඇත.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img