Sunday, September 22, 2024
26.3 C
Sri Lanka

විවාදයට අනුර දුන් දින හතරේ සජිත්ට වැඩ තියනවා – නලීන් බණ්ඩාර.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති විවාදය සඳහා ජාතික ජනබලවේගය විසින් තීරණය කර ඇති දින ඇතුළත් ලිපිය ලැබුණු බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ තීන්දු කර ඇති දින හතර ජාතික ජනබලවේගය ඒකපාර්ශවිකව තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් එම දින කිහිපය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වෙනත් රාජකාරී කටයුතු ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ, අනුව එළෙඹෙන 25 හෝ 26 වනදා ජාතික ජනබලවේයේ නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී හමු වී දෙපාර්ශ්වයම එකඟවන දිනයක් මෙම විවාදය සඳහා යොදාගැනීමට කටයුතු කරන බව මන්ත්‍රී නලීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නායකයින්ගේ වාදය සහ ආර්ථික කමිටුවේ විවාදය යන දෙකම සිදුකිරීමට එකඟතාවය පළවිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

ලබන මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් ඕනෑම දිනයක් තුළ සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානයක මහතා අතර විවාදය පැවැත්වීමට සූදානම් බවට ජාතික ජන බලවේග ඊයේ (22) ලිපියක් මඟින් දැනුම් දුන්නා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img