Sunday, March 15, 2026
19.4 C
Sri Lanka

විවාදයට අනුර දුන් දින හතරේ සජිත්ට වැඩ තියනවා – නලීන් බණ්ඩාර.

සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජනා කර ඇති විවාදය සඳහා ජාතික ජනබලවේගය විසින් තීරණය කර ඇති දින ඇතුළත් ලිපිය ලැබුණු බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ තීන්දු කර ඇති දින හතර ජාතික ජනබලවේගය ඒකපාර්ශවිකව තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් එම දින කිහිපය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වෙනත් රාජකාරී කටයුතු ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ, අනුව එළෙඹෙන 25 හෝ 26 වනදා ජාතික ජනබලවේයේ නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී හමු වී දෙපාර්ශ්වයම එකඟවන දිනයක් මෙම විවාදය සඳහා යොදාගැනීමට කටයුතු කරන බව මන්ත්‍රී නලීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නායකයින්ගේ වාදය සහ ආර්ථික කමිටුවේ විවාදය යන දෙකම සිදුකිරීමට එකඟතාවය පළවිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

ලබන මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් ඕනෑම දිනයක් තුළ සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානයක මහතා අතර විවාදය පැවැත්වීමට සූදානම් බවට ජාතික ජන බලවේග ඊයේ (22) ලිපියක් මඟින් දැනුම් දුන්නා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img