Saturday, March 14, 2026
21.4 C
Sri Lanka

ඉස්සරවෙන්නැයි බැසිල් රනිල්ට දන්වයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබුණා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා තිබෙනවා.

පළාත් පාලන ආයතන වල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දෙන බව සඳහන් කර සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img