Saturday, March 14, 2026
20 C
Sri Lanka

උමාඔය ජනන යන්ත්‍රයකට දැම්ම තමන්ගේ නම ගැන දසුනි කියන කතාව.

ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කිරීමට එහි වැඩ කටයුතු කෙරු සමාගම කටයුතු කර තිබුණු බව පසුගිය දින කිහිපයේම මාධ්‍ය හරහා නිරන්තරයෙන් කතා බහට ලක්වුණා.

මෙම ජනන යන්ත්‍ර දෙකට අදාල කාන්තාවන් දෙදෙනාගේ නම් යෙදීම පිටුපස ඇති කතාව කුමක්ද යන්න දැනගැනීමට බොහෝ දෙනෙක් උනන්දු වූවා සේම මේ සම්බන්ධව ඇති කතාව කුමක්ද යන්න දැනගැනීමට බොහෝ පිරිස් පසුවූයේ දැඩි කැමැත්තකින් සහ ආශාවකින්.

ඉතිං මේ තොරතුරු දැනගැනීමේ පිපාසය වෙනුවෙන්ම එම ජනන යන්ත්‍ර දෙකෙන් එක් ජනන යන්ත්‍රයක හිමිකාරිණියක් සිය හඬ මේ වෙනුවෙන් අවධි කළා.

ඇය නමින් දසුනි ලුවිස්.

ඇය මේ වන විට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කුරුණෑගල ශාඛාවේ ගුරුවරියක් හැටියට සේවය කරනු ලබනවා.

ඉතිං උමා ඔයේ ජනන යන්ත්‍ර දෙක සඳහා තම නම යෙදී ඇති ආකාරය පිළිබඳ ඇය සිය හඬ අවදි කලේ මෙලෙසින්.

“උමා ඔය ව්‍යාපෘතියට මම සම්බන්ධ වෙන්නේ කරඳගොල්ලේ හිටපු කාලයේ..ඒ කියන්නේ 2016දී වගේ. මම මේ ව්‍යාපෘතියට සහභාගි වෙන්නේ ව්‍යාපෘතියේ ප්‍රොජෙට් සෙකට්‍රි හැටියට.. කරඳගොල්ල ප්‍රදේශයේ අපේ homestay එකක් තිබුණා මමයි මගේ ස්වාමිපුරුෂයි පවත්වාගෙන ගියපු.. එතකොට මෙතනට ආවා වෝල්කර් කම්පැනි එකේ අශෝක කියන මහත්තයා.. ඒ වගේම අපිට අපේ ශොප් එකට උමා ඔය ස්ටාෆ් එකට ලන්ච් ඔඩර් එකක් දීලා තිබ්බා.. ඊට පස්සේ ඒ ඉංජිනේරු මහත්මයා මාව හම්බවෙලා ඒ ගොල්ලන්ට ලොකූවට තිබුනා භාෂා ප්‍රශ්ණයක්.. ඉතිං මම කතා කරන විලාශය ඒ ඔක්කොම බලලා ඒ සර් කියුවා අනේ ලොකු උදව්වක් එන්නකෝ ප්‍රොජෙක්ට් එකට කියලා.. ඒ අනුව තමයි මම මේ ව්‍යාපෘතියට සම්බන්ද වෙන්නේ.. 2016 මේ ව්‍යාපෘතියට සම්බන්ධ වුණු මම 2022 දෙසැම්බර් මාසේ වෙනකන් මම මේ ව්‍යාපෘතියේ නිරත වෙලා හිටියා..”

ඒ අනුව දසුනි, උමා ඔය ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙනවා. ඇගේ රැකියාවේ කාර්යන් වෙලා තිබුණේ එම ව්‍යෘපෘතිය සඳහා සහභාගි වෙන විදෙස් ඉංජිනේරුවරුන්ගේ වීසා ක්‍රියාවලිය, ලිපිගොනු යාවත්කාලීන සහ ඒ ආදි කියාවන්. ඉතිං ඇගේ සේවය කොයිතරම් නම් මේ විදෙස් රටවල කාර්ය මණ්ඩලය අගය කර තිබෙනාවද යන්න තීරණය වී තිබෙන්නේ ඇගේ නමත් ඒ විදුලි ජනන යන්ත්‍රය වෙත යෙදීමෙන්.

ඉතිං ඒ පිලිබඳව දසුනි පැවසුවේ මෙවැන්නක්”

“මට කියුවා දසුනි අපි ප්ලෑන් කරන් ඉන්නේ ඔයාගේ නම දාන්න තමයි කියලා. මම එක විහිළුවකටමයි ගත්තේ මම හිතුවෙම නෑ. ඊට පස්සේ කොහොමහරි නම දාලා මුළු ටීම් එකම එතන ඉඳලා පොටෝ එකක් ගහලා මට ගෙනල්ලා පෙන්නුවා සප්‍රායිස් කියලා. මට ඒ වෙලාවේ හිතාගන්නවත් බැරිවුණා. අපි මේ සාමාන්‍ය පරිසරයක වැඩ කරනවා වගේ නෙමෙයි ඔය ටනල් එකක් ඇතුලේ වැඩ කරනවා කියන්නේ දාඩිය වැගිරෙනවා. සර්ලා AC කාමර ඇතුලේ ඉන්නේ හැබැයි ඒවා ඇතුලේ AC හොයන්න බෑ. ඉතිං මේවා වල තාක්ෂණික ගැටළු එනවා, සේවක ප්‍රශ්ණ ඇති වෙනවා, සේවකයෝ කියන දේ කරන්නේ නෑ, ඒ ගොල්ලෝ කියන දේ සිංහල ජාතිකයන්ට තේරෙන්නේ නෑ. ඉතිං අපි ඒගොල්ලෝ ගැන කොච්චරක් දන්නවාද කියතොත් වාහනය පාක් කරන ටෝන් එකෙන් අපි දන්නවා දැන් සර්ට තරහ ගිහිල්ලාද, දැන් සර් හොඳ මූඩ් එකේද කියලා. ඉතිං ඒ තරම් අපි ඒගොල්ලන්ව දන්නවා. ඉතිං ඒක ලේසි නෑ සමහර අයගේ තරහ අපේ පිටින් යන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි.”

මේ අතර උමා ඔය ව්‍යාපෘතියේ විදුලි ජනන යන්ත්‍ර දෙකෙන් අනික චුලෝචනා නමින් නම් කිරීම පිලිබඳව ද අදහස් දක්වමින් ඇය පවසන්නේ ඒ සඳහා නම වැටීම පිටුපස මනරම් වූ කතාවක් තිබෙන බවයි.

“එක හරි ලස්සන කතාවක්. අපේ හිටියා තේ හදන්න ආන්ටි කෙනෙක්. ඉතිං මේ සර්ලාට පෙන්නන්නම බැරි චරිත ලක්ෂණේ තමයි බොරු කියන එක. ඉතිං පොඩි ප්‍රශ්ණයක් වෙලා මෙයා කියපු එක ඒ සර්ට අහු වෙලා මෙයා නම් හෙට ඉඳන් පේන්න ඉන්න බෑ කියලා කියුවා. ඉතිං අපි හොයනවා හොයනවා හදිසි බඳවා ගැනීමක් කරන්න ලමයි නෑනේ අපි ගාව. අනික ඒ පැත්තේ අමාරුයි කෙනෙක්ව හොයාගන්නවා කියන්නේ හරි දුශ්කරයි. ඉතිං කොහොම හරි මේ චුලෝචනා ඇප්ලයි කරලා තිබුනා. ඉතිං ඒ දරුවා උසස්පෙල ලියලා ප්‍රතිපල අපෙක්ෂාවෙන් හිටපු දුවෙක්. ඒ අනුව තමයි ඇය මේකට සම්බන්ධ වෙන්නේ.”

අවසන් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබුනු දැවැන්තම ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතියේදී තමන්ගේ නමත් සටහන් වීම සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැන්නක්

“මට මේ ගැන ගොඩාක් සතුටුයි. කියන්න වචන නෑ මොකද මගෙත් සහයෝගිත්වයක් ඉතිං. මේක ලංකාවට හම්බෙච්ච දැවැන්ත ප්‍රොජෙක්ට් එකක්. ඉතිං මටත් මේ වෙනුවෙන් ලංකාවට වැඩ කරන්න ලැබිච්ච එක ගැන, එකේ සාමාජිකාවක් වෙන්න ලැබුණු එක ගැන මට ගොඩාක් සතුටුයි. ඒක හරි අමුතු සතුටක් තියන්නේ මට”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img