Friday, September 20, 2024
23.3 C
Sri Lanka

ඉතිහාසගත වාර්තාවක් එක්ක ලෝක රූ රැජින වෙන්න හීන දකින 60 හැවිරිදි රූමතිය.

වයස කියන්නෙ ඉලක්කමක් ම විතරයි කියලා කියන්න උදාහරණ ඕනෑ තරම්.

ගොඩක් අය හිතනවා තමන්ගෙ වයසත් එක්ක දේවල් කරන්න අමාරුයි කියලා. තමන්ව විහිළුවකට, අවතක්සේරුවට ලක්වෙයි කියලා.

අන්න එහෙම හිතන අය අතරෙ වයස අවුරුදු 60ක් වුණත් ලෝක රූ රැජින වේදිකාවට පවා ගොඩවෙන්න දෙපාරක් නොහිතන අයත් ඉන්නවා.

එතන තියෙන්නෙ තනිකරම ආත්ම විශ්වාසය.

මේ කතාවත් එවන් ආත්ම විශ්වාසයක් ඇති රූමතියක් ගැන. ඈ නමින්, මරීසා රොඩ්‍රිගස් (Alejandra Marisa Rodriguez)මරීසා නියෝජනය කරන්නේ ආර්ජන්ටිනාව.

පහුගිය දවසක ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි (Buenos Aires) පැවති විශ්ව රූ රැජින කිරුළ සඳහා කෙරෙන තේරීම් තරගයෙන් බුවනෝස් අයර්ස් රූමතිය ලෙස කිරුළු පළඳින්න ඈ සමත්කම් දක්වනවා.

එලෙස ඇය ජයග්‍රහණය කරන්නේ වයස අවුරුදු 18 සිට 73 දක්වා වූ තවත් රූමතියන් 34 දෙනෙකුට අභියෝගයක් වෙමින්.

ඒ අනුව ලබන මස (මැයි 25) පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරගයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරන්නේ ඇය.

එහි ඇති සුවිශේෂී ම කාරණාව නම්, මරීසා රොඩ්‍රිගස් වයස අවුරුදු 60ක කාන්තාවක් වීම.

ඒ අනුව ඈ ඉතිහාසගත වන්නේ, මිස් යුනිවර්ස් කිරුළක් සඳහා තරගවදින පළමු 60 හැවිරිදි කාන්තාව හැටියට.

මරීසා කියන්නෙ රූපයෙන් විතරක් නෙවෙයි උගත්කමිනුත් පරිපූර්ණ වුණු කාන්තාවක්.

ඈ වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් සේම නීතිඥවරියක් ද වනවා.

ජයග්‍රාහී කිරුළු පැළඳූ ඈ සිය ජයග්‍රහණය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා.

”රූපලාවණ්‍ය තරගවලදී මෙම නව ආදර්ශය නියෝජනය කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා.

මම තමයි මේ පරම්පරාවෙන් මේක පටන්ගත්ත පළවෙනියා.

මම හිතන්නේ විනිසුරුවන් මගේ විශ්වාසය සහ මගේ පරම්පරාවේ කාන්තාවන් නියෝජනය කිරීමට ඇති මගේ ආශාව දුටුවා.

2024 ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින කිරුළ සඳහා සටන් කිරීම මගේ අධිෂ්ඨානය යි.”

එළඹෙන සැප්තැම්බරයේදී මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත මෙවර (2024) විශ්ව රූ රැජින තරගාවලිය වඩාත් විශේෂ වන්නේ, එය තවදුරටත් වයස් සීමාවන් නොමැති අවකාශයක් වන බවට ගිය වර (2023 සැප්තැම්බර් මාසයේදී) ප්‍රකාශ කිරීමත් එක්ක.

මීට ඉහත තරගය නියෝජනය කළ හැකිව තිබුණේ, වයස අවුරුදු 18 – 28 අතර කාන්තාවන්ට පමණයි.

විශ්‍රාම සුවය සහ මුණුබුරන් වෙනුවෙන් කැපවෙමින් ගෙවන සැඳෑ සමයක් අපේක්ෂා කරන කාටත් මරීසා සපයා ඇත්තේ ලොකු ආදර්ශයක්.

ඇයගේ මෙම ආත්ම විශ්වාසය කවර වයසක පසුවන අයෙකුට වුව හොඳ උත්තේජනයක් වනු ඇති.

එමෙන්ම ඇයගේ ඉදිරිපත්වීම මඟින් විශ්ව රූ රැජින තරගාවලියේ ඇති විවිධත්වය ද විදහා දක්වනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img