Friday, March 13, 2026
20 C
Sri Lanka

ඉතිහාසගත වාර්තාවක් එක්ක ලෝක රූ රැජින වෙන්න හීන දකින 60 හැවිරිදි රූමතිය.

වයස කියන්නෙ ඉලක්කමක් ම විතරයි කියලා කියන්න උදාහරණ ඕනෑ තරම්.

ගොඩක් අය හිතනවා තමන්ගෙ වයසත් එක්ක දේවල් කරන්න අමාරුයි කියලා. තමන්ව විහිළුවකට, අවතක්සේරුවට ලක්වෙයි කියලා.

අන්න එහෙම හිතන අය අතරෙ වයස අවුරුදු 60ක් වුණත් ලෝක රූ රැජින වේදිකාවට පවා ගොඩවෙන්න දෙපාරක් නොහිතන අයත් ඉන්නවා.

එතන තියෙන්නෙ තනිකරම ආත්ම විශ්වාසය.

මේ කතාවත් එවන් ආත්ම විශ්වාසයක් ඇති රූමතියක් ගැන. ඈ නමින්, මරීසා රොඩ්‍රිගස් (Alejandra Marisa Rodriguez)මරීසා නියෝජනය කරන්නේ ආර්ජන්ටිනාව.

පහුගිය දවසක ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි (Buenos Aires) පැවති විශ්ව රූ රැජින කිරුළ සඳහා කෙරෙන තේරීම් තරගයෙන් බුවනෝස් අයර්ස් රූමතිය ලෙස කිරුළු පළඳින්න ඈ සමත්කම් දක්වනවා.

එලෙස ඇය ජයග්‍රහණය කරන්නේ වයස අවුරුදු 18 සිට 73 දක්වා වූ තවත් රූමතියන් 34 දෙනෙකුට අභියෝගයක් වෙමින්.

ඒ අනුව ලබන මස (මැයි 25) පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරගයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරන්නේ ඇය.

එහි ඇති සුවිශේෂී ම කාරණාව නම්, මරීසා රොඩ්‍රිගස් වයස අවුරුදු 60ක කාන්තාවක් වීම.

ඒ අනුව ඈ ඉතිහාසගත වන්නේ, මිස් යුනිවර්ස් කිරුළක් සඳහා තරගවදින පළමු 60 හැවිරිදි කාන්තාව හැටියට.

මරීසා කියන්නෙ රූපයෙන් විතරක් නෙවෙයි උගත්කමිනුත් පරිපූර්ණ වුණු කාන්තාවක්.

ඈ වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් සේම නීතිඥවරියක් ද වනවා.

ජයග්‍රාහී කිරුළු පැළඳූ ඈ සිය ජයග්‍රහණය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා.

”රූපලාවණ්‍ය තරගවලදී මෙම නව ආදර්ශය නියෝජනය කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා.

මම තමයි මේ පරම්පරාවෙන් මේක පටන්ගත්ත පළවෙනියා.

මම හිතන්නේ විනිසුරුවන් මගේ විශ්වාසය සහ මගේ පරම්පරාවේ කාන්තාවන් නියෝජනය කිරීමට ඇති මගේ ආශාව දුටුවා.

2024 ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින කිරුළ සඳහා සටන් කිරීම මගේ අධිෂ්ඨානය යි.”

එළඹෙන සැප්තැම්බරයේදී මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත මෙවර (2024) විශ්ව රූ රැජින තරගාවලිය වඩාත් විශේෂ වන්නේ, එය තවදුරටත් වයස් සීමාවන් නොමැති අවකාශයක් වන බවට ගිය වර (2023 සැප්තැම්බර් මාසයේදී) ප්‍රකාශ කිරීමත් එක්ක.

මීට ඉහත තරගය නියෝජනය කළ හැකිව තිබුණේ, වයස අවුරුදු 18 – 28 අතර කාන්තාවන්ට පමණයි.

විශ්‍රාම සුවය සහ මුණුබුරන් වෙනුවෙන් කැපවෙමින් ගෙවන සැඳෑ සමයක් අපේක්ෂා කරන කාටත් මරීසා සපයා ඇත්තේ ලොකු ආදර්ශයක්.

ඇයගේ මෙම ආත්ම විශ්වාසය කවර වයසක පසුවන අයෙකුට වුව හොඳ උත්තේජනයක් වනු ඇති.

එමෙන්ම ඇයගේ ඉදිරිපත්වීම මඟින් විශ්ව රූ රැජින තරගාවලියේ ඇති විවිධත්වය ද විදහා දක්වනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img