Monday, September 16, 2024
22.8 C
Sri Lanka

ජනප්‍රිය නිළි ඕෂධිගෙන් සැර කතාවක්.

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම පහුගිය දවස් කිහිපය ගෙව්වෙ කාර්යබහුල වටපිටාවක.

ඊට හේතුව බවට පත්ව තිබුණේ ඇයගේ ආදරණීය මව හදිසියේම අසනීප වීම.

මවගේ අසනීප තත්ත්වය පිළිබඳව මීට ඉහත ද ඈ සිය මුහුණු පොතේ ඡායාරූපයක් තබමින් සටහනක් තබා තිබුණා.

”අනේ.. මගේ අම්මාට ඔයාලගෙ ආශිර්වාද ඕනි මේ වෙලාවෙ..”

ඒ සටහනින් පසු මවගේ උපන්දිනය දා ඈ තවත් සටහනක් තබා තිබුණා.

එම සටහන වඩාත් වැදගත් වන්නේ හදිසි අසනීපයක් වූ අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු ආකාරයත්, හදිසි අවස්ථාවක ළඟම ඇති රෝහල හොඳම රෝහල බවත් එහි සටහන්ව තිබීමයි.

”අද අම්මාගේ උපන්දිනය..

දවස් කිහිපයක් ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා, තාමත් පෙර සිටි තත්වයෙන් නැතත්, අම්මා අද ගෙදර ඇවිත් ඉන්නවා.

මේ ඡායාරූපයේ ඉන්නේ හෝමාගම රෝහලේ ICU unit එකේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්.

අම්මගේ පෙර පිනකට එයාට අසාධ්‍ය වෙන වෙලාවෙ මම එයා ලග හිටියා වගේම, මම ඒක දැක්කා.

ඒ වෙලාවෙ මත්තෙගොඩ ගෙදරට ආසන්නවම තිබුණෙ හෝමාගම රෝහල. මට තාමත් මතක නැහැ, මම අම්මාව අරගෙන කාර් එක අරන් ගිය විදිය.

එතනින් එහාට අම්මාගේ ජීවිතය බේරගත්තෙ හෝමාගම රෝහලේ ETU කාර්ය මණ්ඩලය , ICU කාර්ය මණ්ඩලය සහ 4 වාට්ටුවේ කාර්ය මණ්ඩලය.

විශේෂයෙන්ම ETU එක පැය ගණනාවක් අම්මාව ජීවත් කරවන්න මහන්සි වුණ හැටි මම ඇස් දෙකෙන්ම දැක්කා.

ඇත්තටම මම හැමෝටම දෙන පණිවිඩයත්, ලංකාව වගේ පුංචි රටක, හදිසි අවස්ථාවකදි, ගෙනියන්න තියෙන හොදම තැන තමයි, ලගම තියෙන රජයේ රෝහල. අපි හැමෝම පහසුවට පුද්ගලික රෝහල් වලට ගියත්, රජයේ රෝහලකට අරන් යන රෝගියෙකුගේ ජීවිතයක් බේරගන්න, එයාලා උපරිම උත්සාහය දෙනවා.. ඒ නිසා මම නැවත නැවතත් හෝමාගම රෝහලේ සුළු සේවකයාගේ සිට අධ්‍යක්ෂකවරයා දක්වා සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා වගේම පින් දෙනවා

ඒ වගේම සිහිකරන්නට ඕනි තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි රිටිගල වෙද මහත්මයා. ඒ වෙලාවෙම මොනයම් හේතුවක් නිසාවෙන් හෝ රෝහලට යන අතරතුර මම වෙද මහත්මයාටත් කතා කළ නිසා, ඔහු උපදෙස් දීපු ආකාරයට ප්‍රථමාධාර කිහිපයකුත් මම අම්මාට ලබා දුන්නා. ඒවා දීර්ඝ විස්තර සහිතව පසුව ලියන්නට අවශ්‍ය නිසා, කෙටියෙන් කිව්වොත් ඒ ක්‍රම කිහිපයත් මගේ අම්මාගේ ජීවිතය බේරගන්න උදව් වුණ හැටි මම දැක්කා.. මම ඒ දේ කියන්න හැදුවේ, අසාධ්‍ය තත්වයේ ඉන්න රෝගියකු වෙනුවෙන් අපි කළයුතු ප්‍රධානම දේ ලගම තියෙන රෝහලට ගෙන යාම අනිවාර්ය බව වගේම, අපේ හෙළ වෛද්‍ය ක්‍රමය තුලත් යම් සත්‍යතාවයක් තියෙන බව මට දැනුණ නිසයි.

කෙහොම වුණත්, අම්මාව රෝහල් ගත කරපු අවස්ථාවේ සිට, අම්මාට නිරෝගී සුවය පතපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන්ම මතක් කළ යුතු නම් 03 තියෙනවා. වෛද්‍ය උත්පල චන්ද්‍රවංශ, මාගේ ඥාති සොයුරිය වෛද්‍ය තීක්ෂණා දිසානායක සහ තුසිත හල්ලොලුව.

ඒ වගේම මට කතා කරලා මගේ හිත හදන්න උත්සාහ කරපු, මගේ ඥාති හිත මිතුරන් හැමෝටම ස්තුතියි

අම්මාට සහ මට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නවා කියලා මම ඒ දවස් ටිකේ දැනගත්තා.

සමහරුන්ගේ ඇමතුම් වලට , පණිවිඩ වලට ප්‍රතිචාර දෙන්න මට බැරි වුණත් ඒ හැමෝම මගේ මතකයේ ඉන්න බවත් කියන්නම ඕනි..

ඒ වගේම සුවිශේෂි කාරණයක් තියෙනව.. අම්මා ඔය තත්වයට පත් වෙන තැනට පත් කරපු, අම්මාව මානසිකව වට්ටපු, මීට අවුරුදු 2 ට කලින් අම්මට ලොකු වංචාවක් කරපු, නෑයෝ නමින් පෙනී හිටින අම්මාගෙ පවුලෙ වේයො දෙන්නෙකුත් ඉන්නවා. තව ටික දවසකින් හඩපට, සාක්ෂි ඔක්කොම සහිතව එයාලගෙ නම් ගම් පැටිකිරිය ඔක්කොම මම දිග අරිනව.. මතක තියාගන්න, අම්මාව මේ තත්වයට පත් කරපු එයාලට මගෙන් කිසිම සමාවක් නෑ…

මගේ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන්ට නිදුක්, නීරෝගී , දීරඝායුෂ.”

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img