Monday, March 16, 2026
25.2 C
Sri Lanka

ඉගෙනීම පසෙකලා චන්ඩි වූ සිසුන්.

හෝමාගම ප්‍රදේශයේ හෝටලයකට අලාභ හානි සිදුකර එහි සේවකයින්ට ද පහරදී පළාගිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 11දෙනෙක් සහ සිසුවියක් හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ අදාළ සිසුන් විසින් හෝටලයේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුරයි.

ගැටුමෙන් තුවාල ලැබූ හෝටල් සේවකයෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් ඉකුත් 30 වනදා රාත්‍රියේ ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීයි.

එහිදී ඔවුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

ගැටුම උත්සන්න වීම හේතුවෙන් හෝටල් සේවකයින් එය නැවැත්වීමට උත්සාහ කළත් ඉන් පළක් වී නොමැත.

අනතුරුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සිදුවීම පොලීසියට දැනුම්දීමට හෝටල් කළමනාකාරීත්වය පියවර ගැනීමත් සමග හෝටලයේ බිල්පත් සඳහා මුදල් නොගෙවා එම ස්ථානයෙන් පළායෑමට සිසුන් උත්සහ කර තිබෙනවා.

හෝටලයේ සේවකයින් ඒ වනවිටත් එහි ගේට්ටු වසාදමා තිබීම නිසා සිසුන් තාප්පයෙන් සහ ගේට්ටුවෙන් පැන පළායන ආකාරය වීඩියෝවල දැක්වෙයි.

එම අවස්ථාවේ එක් සිසුවෙක් මෝටර් රථයකින් හෝටලයේ ගේට්ටුව කඩාදමමින් ඊට ඇතුළු වන අයුරුද කැමරාවල සටහන්වී තිබෙනවා.

එහිදී ඔහු හෝටලයේ සේවකයෙකු අනතුරට ලක්කරන ආකාරයද සීසීටීවී කැමරාවේ දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 11ක් සහ ශිෂ්‍යාවක් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img