Monday, March 16, 2026
25.2 C
Sri Lanka

මැයි දින රැලිවල වියදම කීයද දන්නවා ද – කෝටි 200යි.

දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වුණා.

උද්ධමනකාරී තත්වය හේතුවෙන් මැයි රැලි සංවිධාන කිරීමට ඉතිහාසයේ වැඩිම මුදල වැය කිරීමට මෙවර සිදුවූ බව දේශපාලන පක්ෂ නායකයෝ පවසනවා.

දේශපාලන පක්ෂ වැඩි මුදලක් මෙවර වැය කර ඇතැයි පැවසෙන්නේ මැයි රැලිවලට ජනතාව රැගෙන ඒම සඳහා ප්‍රවාහන වියදම් වෙනුවෙනි.

සෙසු මුදල් වැයවී ඇත්තේ වේදිකා සකස් කිරීම, ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම සහ ආලෝක කරන කටයුතු, රැස්වීම් අවට ප්‍රදේශ සැරසිලි කිරීම, පාක්ෂිකයන්ට ආහාර පාන ලබාදීම යනාදී කටයුතු වෙනුවෙනි.

මැයි රැලි සහ පෙළපාළි සංවිධාන කිරීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ අරමුදල්වලින් වැඩිම බර පැනක් දරූ බව සඳහන් කරන පක්ෂ නායකයෝ ආසන සංවිධායකවරුන් සහ විවිධ දානපතීන් ද මැයි රැලි සංවිධාන කිරීමට උදව් කළ බව ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුමට මෙවර වැඩිම මුදලක් වැය කිරීමට සිදුවූ බවයි.

ජාතික ජන බලවේගයේ මැයි දින රැස්වීම් දිස්ත්‍රික්ක හතරක පැවැත්වුණ හෙයින් වියදම එසේ ඉහළ ගිය බව ද ඔහු සඳහන් කළා.

වේදිකාව, ශබ්ද විකාශන, ආලෝක පද්ධති සහ සුළු ප්‍රචාරණ කටයුතු කිහිපයකට පමණක් පක්ෂ මූලස්ථානය වියදම් දරන බවත් සෙසු වියදම් සියල්ල දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් ඒකාබද්ධවී දරන බවත් සිල්වා මහතා ප්‍රකාශ සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img