Wednesday, February 4, 2026
18.8 C
Sri Lanka

“එවරස්ට් මිනිසා” තමන්ගේම වාර්තාව අභිබවා යයි: 29වැනි වරටත් එවරස්ට් තරණය කරයි.

ලොව උසම ස්ථානය වන නේපාලයේ එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ මිනිසා ලෙස, තමා විසින් පිහිටුවා තිබූ වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට නේපාලයේ කමි රිටා අද (මැයි 12) සමත් වුණා.

ලොව ජනප්‍රිය කඳු නගිනෙකු වන මේ වනවිට 54 වියේ පසුවන කමි රිටා කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ, ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයෙන්.

ඔහු මෙවර එවරස්ට් කඳු මුදුනට ලගා වී ඇත්තේ 29වැනි වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේපාලය ලෝකයේ උසම කඳු මුදුන් 10න් අටකම නිවහන වන අතර, ඉන් ලොව උසම ස්ථානය වන එවරට් කන්ද මීටර් 8,849 (අඩි 29,032)ක උසකින් යුත්ත වෙනවා.

එවරස්ට් කන්ද තරණය කිරිම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන අතර, එය ජීවිතයත් මරණයත් අතර සටහනක් හා සමානයි.

කෙසේ වෙතත් කමි රිටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේ කඳු නගින්නන් 600කට වැඩි පිරිසක් එවරස්ට් කඳු මුදුන තරණයට ගොස් ඇති වුවත්, දැඩි සීතල හා අධික හිමපතනය නිසා ඉන් 18 දෙනෙකුම මරණයට පත්ව ඇත.

එය එවරස්ට් කන්ද තරණයට ගොස් වැඩිම පිරිසක් මරණයට පත්වූ අවස්ථාවද වෙනවා.

තත්ත්වය එසේ වුවත්, නේපාල බලධාරීන් මෙවරද විදේශීය කඳු නගින්නන් සිය ගණනකට කඳු නැගීමේ බලපත්‍ර නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම කාලය එවරස්ට් තරණයට යහපත් කාලගුණික තත්ත්වයක් ඇති බවද වාර්තා වෙනවා.

කමි රීටාට පෙර එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර තිබුණේ නේපාලයේම පසන්ග් දාවා නම් පුද්ගලයෙකු විසිනි.

ඔහු 27ත් වතාවක් එවරස්ට් තරණය කර තිබි ඇත.

කමි රිටා පළමුවරට එවරස්ට් තරණය කළේ 1994 දී වන අතර, එතැන් සිට සෑම වසරකම පාහේ එවරස්ට් තරණය කර තිබෙනවා.

ඔහුට එවරස්ට් මිනිසා යන අන්වර්ථ නාමය හිමිවීමට එයද හේතුවක් වී ඇත.

කමි රිටා විදේශීය කඳු නගින්නන් සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශකයෙකු ලෙසද කා අතරත් ගෞරවයක් හිමිකරගෙන සිටියි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img