Tuesday, February 3, 2026
19.2 C
Sri Lanka

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්.


අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත කීපයක් සමග පස් කන්දක් පෙරළී එක් මං තීරුවකට වැඩි කොටසක් අවහිර වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙසේ ගල් පෙරළී එක් මන්තීරුවක් අවහිර වී ඇති ස්ථානයේ හා ඒ දෙපසින් තවදුරටත් විටින් විට ගල් පෙරලෙමින් තිබෙන ආයුරු දක්නට ලැබුණු බවද එම ස්ථානය පසු කරන රථ වාහන රියදුරෝ පවසති.

කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ තිබෙන ඉඩකඩ අතරින් වාහන ධාවනය අනතුරුදායක බව රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ද නායයාමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය ද හල්දුම්මුල්ල සහ හපුතලේ මෙම ප්‍රදේශයට මේ වනවිට නිකුත් කර ඇති බව එම මධ්‍යස්ථානය පැවසීය.

අධික වර්ෂාව සමඟ තද මිහිදුම් තත්ත්වයක්ද පවතින බැවින් බෙරගල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය යන මාර්ග භාවිතා කිරීමේදී විමසිල්ලෙන් හා පරිස්සමින් රථවාහන ධාවනය කරවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ වන විට දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

මෙම නිවේදනය අද පස්වරු 3.00 සිට හෙට පස්වරු 3.00 දක්වා වු කාලය සඳහා වලංගු වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඹ්විට, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ටමේ විමසිල්මත්වීමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img