Tuesday, February 3, 2026
22.7 C
Sri Lanka

බයික් එකෙන් හඳට යන්න ගිය පිරිසට ලැබුණු දඬුවම.

නීතිවිරෝධී ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවන තරගවල නිරත වූ පිරිසකට අධිකරණය විසින් රුපියල් 427,500ක දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ එහිදී අධිකරණය විසින් සැකකාර යතුරුපැදිකරුවන් 15 දෙනෙකුගේ රියදුරු බලපත්‍ර මාස 6ක කාලයකට අත්හිටුවීමට ද නියෝග කර ඇති බවය.

එම යතුරුපැදිකරුවන්ට බම්බලපිටිය ගාලුපාර හා ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල විනෝදාස්වාදය සඳහා නොසැලකිලිමත් ලෙස හා ඉතා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරත වූ බවට චෝදනා එල්ලවී තිබුණි.

එක් දිශාවකට පමණක් දිවෙන මෙම මාර්ගයේ විශාල ශබ්දයක් සමඟ අධික වේගයෙන් හා ප්‍රතිවිරුද්ධ දිශාවට පවා නොහික්මුණු ආකාරයෙන් යතුරුපැදි ධාවනය කරන බවට ජනතාවගෙන් බම්බලපිටිය පොලීසියට පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පසුගිය මැයි මස 05 වනදා අලුයම මෙම විශේෂ වැටලීම සිදුකර සැකපිට එම යතුරුපැදිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පිරිස් සෙසු රියදුරන්ට ද අවදානමක් ගෙනදෙමින් ඉදිරියට පැමිණෙන වාහන අතරින් අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන අතර පසුපස රෝදයෙන් පමණක් ධාවනය කරමින් මාර්ගය පුරා ගමන් කරන බවට පැමිණිලි ලැබී ඇති බවට වාර්තාවිය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img