Saturday, September 21, 2024
22.1 C
Sri Lanka

“ගෝඨා‌ගේ ජීවිතය බේරගත්තේ මමයි..” මාලදිවයින හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය බේරාගැනීමට තමන් කටයුතු කළ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මෙරට පළ වන ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

2022 වසරේ පැවැති ආණ්ඩු විරෝධී සමයේ විරෝධතාකරුවන් විසින් ජනාධිපතිවරයා මරා දැමීමට අවස්ථාවක් තිබූ බවයි හෙතෙම හෙළිදරව් කළේ.

ශ්‍රී ලංකාව තුළ ඉතා දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරුණා.

ඊට හානියක් වන අයුරින් ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමේ උත්සහයක් පැවැතීම හේතුවෙන් 2022 වසරේ ජූලි මාස 12 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය වූ බවයි, මොහොමඩ් නෂීඩ් අනාවරණ කළේ.

ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක මෙවැනි ආණ්ඩු විරෝධි අරගලයකට මුහුණ දී නැහැ.

රට තුළ සිවිල් යුද්ධය පැවැති සමයේ දී වූවත් නියමිත වේලාවට මැතිවරණ පැවැත්වූ බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා මැතිවරණයකින් බලය හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ඝාතනයට ලක් කර හෝ අත්අඩංගුවට ගෙන නොමැති බවයි මොහොමඩ් නෂීඩ් සිහිපත් කර සිටියේ.

එවැනි දෙයක් ශ්‍රී ලංකාව තුළ සිදු වනු ඇතැයි තමන් බියට පත් වූ බව ඔහු ප්‍රකාශ කළා.

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, තමන් ජනාධිපති ධුරයේ කටයුතු කරන විට සිදු වූ ආකාරයේ විරෝධතා ලංකාව තුළ පැවැති බවයි.

මේ වනවිට ජනතාව වන ජනාධිපතිවරයා ව පිළිගෙන තිබෙනවා. නැවතත් ඔවුන්ට බලයට පැමිණීමේ හැකියාව පවතින බව අමතක කළ යුතු නැහැ.

ආණ්ඩු විරෝධී විරෝධතා ආරම්භ වීමට පෙර පාලනයේ සිටි පිරිස තවදුරටත් ආණ්ඩුව නියෝජනය කිරීම තම ප්‍රකාශයට හේතුව බව ද මොහොමඩ් නෂීඩ් කියා සිටියා.

“2009 වසරේ දී සිවිල් යුද්ධය අවසන් කිරීමට භාවිත කළ තුවක්කු තවදුරටත් එහි තිබෙනවා. මම මාලදිවයිනේ මුහුණ දුන් සිදුවීම් කොළඹ සිදු වූවහොත් එය සමස්ත දකුණු ආසියාවට ම බලපානු ඇති. ශ්‍රී ලංකාවේ ජනතාවට දේශපාලනයේ වෙනසක් අවශ්‍ය වුණා. මෙය ඔවුන්ට සහාය වීමට සුදුසු අවස්ථාවක් කියලා හිතුණා. ගෝඨාභය රාජපක්ෂ ධුරයන් ඉවත් වෙන්න කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඔහු අදත් ධෛර්යයෙන් සිටිනවා. අරගලය සමයේ ඔහුගේ පාලනය යටතේ තමා හමුදාව තිබුණේ කියන එක අමතක කරන්න හොඳ නැහැ.”

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img