Tuesday, February 3, 2026
25.5 C
Sri Lanka

“ගෝඨා‌ගේ ජීවිතය බේරගත්තේ මමයි..” මාලදිවයින හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය බේරාගැනීමට තමන් කටයුතු කළ බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ, මෙරට පළ වන ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

2022 වසරේ පැවැති ආණ්ඩු විරෝධී සමයේ විරෝධතාකරුවන් විසින් ජනාධිපතිවරයා මරා දැමීමට අවස්ථාවක් තිබූ බවයි හෙතෙම හෙළිදරව් කළේ.

ශ්‍රී ලංකාව තුළ ඉතා දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරුණා.

ඊට හානියක් වන අයුරින් ජනාධිපතිවරයෙකු ඝාතනය කිරීමේ උත්සහයක් පැවැතීම හේතුවෙන් 2022 වසරේ ජූලි මාස 12 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය වූ බවයි, මොහොමඩ් නෂීඩ් අනාවරණ කළේ.

ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක මෙවැනි ආණ්ඩු විරෝධි අරගලයකට මුහුණ දී නැහැ.

රට තුළ සිවිල් යුද්ධය පැවැති සමයේ දී වූවත් නියමිත වේලාවට මැතිවරණ පැවැත්වූ බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා මැතිවරණයකින් බලය හුවමාරු කරගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ඝාතනයට ලක් කර හෝ අත්අඩංගුවට ගෙන නොමැති බවයි මොහොමඩ් නෂීඩ් සිහිපත් කර සිටියේ.

එවැනි දෙයක් ශ්‍රී ලංකාව තුළ සිදු වනු ඇතැයි තමන් බියට පත් වූ බව ඔහු ප්‍රකාශ කළා.

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, තමන් ජනාධිපති ධුරයේ කටයුතු කරන විට සිදු වූ ආකාරයේ විරෝධතා ලංකාව තුළ පැවැති බවයි.

මේ වනවිට ජනතාව වන ජනාධිපතිවරයා ව පිළිගෙන තිබෙනවා. නැවතත් ඔවුන්ට බලයට පැමිණීමේ හැකියාව පවතින බව අමතක කළ යුතු නැහැ.

ආණ්ඩු විරෝධී විරෝධතා ආරම්භ වීමට පෙර පාලනයේ සිටි පිරිස තවදුරටත් ආණ්ඩුව නියෝජනය කිරීම තම ප්‍රකාශයට හේතුව බව ද මොහොමඩ් නෂීඩ් කියා සිටියා.

“2009 වසරේ දී සිවිල් යුද්ධය අවසන් කිරීමට භාවිත කළ තුවක්කු තවදුරටත් එහි තිබෙනවා. මම මාලදිවයිනේ මුහුණ දුන් සිදුවීම් කොළඹ සිදු වූවහොත් එය සමස්ත දකුණු ආසියාවට ම බලපානු ඇති. ශ්‍රී ලංකාවේ ජනතාවට දේශපාලනයේ වෙනසක් අවශ්‍ය වුණා. මෙය ඔවුන්ට සහාය වීමට සුදුසු අවස්ථාවක් කියලා හිතුණා. ගෝඨාභය රාජපක්ෂ ධුරයන් ඉවත් වෙන්න කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඔහු අදත් ධෛර්යයෙන් සිටිනවා. අරගලය සමයේ ඔහුගේ පාලනය යටතේ තමා හමුදාව තිබුණේ කියන එක අමතක කරන්න හොඳ නැහැ.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img