Sunday, February 1, 2026
19.2 C
Sri Lanka

ලොව ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තා පොතට යන්න හදන ලංකාවේ ලොකුම තොරණ.

පානදුර එක්සත් පොදු වෙලඳපොළ බෞද්ධ සමිතිය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආදාර ඇතිව වාර්ශිකව ඉදිකරනු ලබන තොරණ මෙවර ගිනස් වාර්තා පෙත් අතරට එක් කිරීමට එහි සංවිධායක මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.

ඒ ලොව ලොකුම තොරණ ලෙසයි. එමෙන්ම පසුගිය 2023 වසරේදී එය ශ්‍රී ලංකාවේ විශාලම තොරණ ලෙසද අභිශේක ගනු ලැබුවා.

පුවක් කොට යොදා ගනිමින් දැනට ඉදිකෙරෙමින් බවති මෙම තොරණ සඳහා මෙවර පුවක් කොට 400කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවයි එම තොරණේ නිර්මාපකයින් පවසන්නේ.

මෙවර පුන් පොහෝ දින සිට නන්දිවාණිජ ජාතක කතා වස්තුව පිලිඹිබු කරන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා බොහෝ පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් වැඩ කටයුතු කරනු ලබනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙහි ප්‍රධාන නියමුවා වන පානදුර එක්සත් පොදු වෙළඳපොල බෞද්ධ සමිතියේ සභාපති දේශබන්දු ලංකාපුත්‍ර මහේෂ් ප්‍රනාන්දු පවසන්නේ මෙවර තොරණ අඩි 82ක් උසින් සහ අඩි 86ක් පළලින් යුක්ත බවයි.

තොරණ අලංකාර කිරීම සඳහා විදුලි බුබුලු එක්ලක්ෂ දසදහසකට ආසන් ප්‍රමාණයක් උපයෝගි කර ගත් බවත් ඔහු පවසනවා.

තවද බුරුමය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල් වලද තොරණ් ඉදිව ඇති නමුත් මෙතරම් විශාල තොරණක් ඉදිව නොමැති බවත් මේ හේතුව මත මෙම තොරණ ගිනස් වාර්තා අතරට ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඔහු පවසනවා.

තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් ප්‍රකට කලාකරුවෙකු වන වර්ණගේ සසිත චතුරංග කටයුතු කරනු ලබනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img