Monday, February 2, 2026
20.7 C
Sri Lanka

ඉන්දියාව Semi Final ගහන ක්‍රීඩාංගණයත් තීරණය කරලා.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 15කට වඩා ඉතිරිව තිබියදී ඉන්දියාව, එම තරගාවලියේ අවසන් පූර්ව තරගය ක්‍රීඩාකරන ක්‍රීඩාංගණයත් මේ වනවිට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එම වාර්තාවන්ට අනුව ඉන්දියාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගන්නේ නම්, ඔවුන් ක්‍රීඩා කරන්නේ ගයානාහි ජුනි 27වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයයි.

මෙවැනි පුරෝකථන තීරණයක් ගැනීමට හේතුවී ඇත්තේ ඉන්දියාව හා කොදෙව් දූපත් අතර ඇති පැය 9.30කට ආසන්න කාල වෙනසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වෙන අතර, එම තරගය ජූනි 26වැනිදා කොදෙව් වේලාවෙන් රාත්‍රී 8.30ට ඇරඹීමට නියමිතයයි.

කෙසේ නමුත් කාල ප්‍රමාදය හේතුවෙන් එය ඉන්දීය වේලාවෙන් ඇරඹෙන්නේ ඊට පසුදින එනම් ජුනි 27 වැනිදා පෙ.ව. 6.00යට.

ඉන්දියාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව කොතරම් ජනප්‍රිය වුවත්, මෙවැනි කාල සීමාවක තරගයක් ක්‍රියාත්මක වීමෙන් විකාෂණ සමාගම්වලට මූල්‍යමය වාසි අත්කරගැනීමට නොහැකි බව සඳහන්.

මේ හේතුවෙන් ඉන්දියාව යම් හෙයකින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවොත් ඔවුන් ක්‍රීඩා කරනුයේ ගයනාහිදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයටයි.

මෙම තරගය ජූනි 27වැනි කොදෙව් වේලාවෙන් පෙරවරු 10.30ට කිරීමට සැලසුම් කර ඇති අතර, එය ඉන්දීය වේලාවෙන් ක්‍රියාත්මක වන්නේ එදිනම රාත්‍රී 8.00ටය.

එය ආසියානු කලාපයේ තරගයක් පැවැත්වෙන සාමාන්‍ය තත්ත්වයක් හා සමාන බැවින්, රූපවාහිනිය සමගින් එක්වන ප්‍රේක්ෂක සංඛ්‍යාවද ඉහළ අගයක් ගනු ලබයි.

මේ හේතුවෙන් ඉන්දියාවේ වැඩි කැමැත්ත දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට බව සඳහන්.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img