Monday, September 23, 2024
20.4 C
Sri Lanka

පුතුගේ විභාගය හේතුවෙන් සිය ආදරණීය බිරිඳගේ හදිසි අභාවය දින 4ක් සඟවා ගත් පියෙක්.

මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන තම පුතුට මානසිකව ශක්තියක් වීම සඳහා සිය බිරිඳගේ හදිසි අභාවය පුතුගෙන් සැඟවූ පියෙකු පිලිබඳ අනුවේදනීය කතාවක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගාල්ල, තල්ගම්පිටිය, ශ්‍රමදාන මාවතේ පදිංචි බී.ජී අයිරාංගනී මහත්මිය වෘත්තියෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ඖෂධවේදිනියක වන අතර ඇය පසුගිය 12 වැනි දින නිවසේ සියලු දෙනා සමග දිවා ආහාරය ගෙන සිය පුතුගේ සිත තවත් සතුටින් තැබීම සඳහා අතුරුපසට අයිස්ක්‍රීම්ද ගෙන ඒමේන් පසු එය අනුභව කරමින් සිටින අතරවාරයේදි හදිසි කැස්සක් මතුව තිබෙනවා.

එහිදි එම කැස්ස නතර නොවී දිගින් දිගටම පවතීමත් සමග ඇය සිහිසුන්වී ඇති අතර මින් කලබලයට පත් වූ සැමියා විසින් එහිදි සුව සැරිය හදිසි ඇමතුම් අංකය වන 1990 ගිලන් රථ සේවාව අමතා කඩිනමින් ගෙන්වාගෙන ඇති නමුත් එහි සිටි අය රෝගියා මියගොස් ඇතැයි පවසා ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ නමුත් ගිලන් රථයේ පැමිණි පිරිස් අයිරාංගනී මහත්මියට අවශ්‍ය ප්‍රථමාධාර හෝ ඔක්සිජන් ලබා දීමක්ද සිදු කර නොමැති අතර ඒ අවස්ථාවේදි අසල සිටි හෙදියන් දෙදෙනකු රෝගියා පරික්ෂා කර බලා ඇය මියගොස් නැති බැවින් කඩිනමින් රෝහල් ගත කරන ලෙසත් දන්වා තිබෙනවා.

එහෙත් ගිලන් රථයේ පැමිණි අය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම අවස්ථාවේදි ඇගේ පුතු විලාප තැබීම හේතුවෙන් ගිලන් රථ සේවයේ පිරිස විසින් කිසිවෙකුට දුරකථනයෙන් අමතා රෝගියා මියගොස් ඇති බවත් පුතුගේ විලාපය හේතුවෙන් රෝගියා ගෙන එන බවත් පවසා කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබෙනවා.

කරාපිටිය රෝහලට අයිරාංගනී මහත්මිය රැගෙන ගිය අවස්ථාවේදි වෛද්‍යවරුන් විසින් කඩිනමින් ඇයව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රථිකාර ලබා දී ඇති අතර එසේ දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි පුතුගේ විභාගය නිමවීමට දින 4කට පෙර ඇය අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් තිබෙනවා.

මේ අතර ඇගේ සිහිනය වී ඇත්තේ තම පුතු ඉතා උසස් ලෙස විභාගය සමත්වීම බව අවබෝධ කරගෙන සිටි සිය සැමියා වන කිර්ති නානායක්කාර සිය බිරිඳ මෙන්ම සිය පුතුගේ ආදරණීය මෑණියන් මියගොස් ඇති පුවත පුතුගෙන් සඟවා තබාගෙන තිබෙනවා.

ඒ එම පුවත දැනගත හොත් පුතුගේ අධ්‍යාපන කටයුතු අඩපණ වනු ඇතැයි සිතූ නිසාවෙන්. මේ හේතුවෙන් සිය බිරිඳගේ හදිසි අභාවය කොතරම් දුකක් වුවත් සිය නිවසේ පරිසරය ඇය තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සකස් කරමින් සිය පුතුට එය විශ්වාසවන ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.

මියගිය අයිරාංගනී මහත්මියගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා පෙරේදා (14) පස්වරුවේ මල් ශාලාවට භාර දීමට කටයුතු කර ඇති අතර ඇයගේ පුතුගේ අවසන් දින විශයය සඳහා පෙනී සිටීමට ගාල්ලේ සිය පාසල වෙත ගිය පසු ඊයේ (15) දේහය මල් ශාලාවේ තැන්පත් කිරීමට පියා ඇතුලු පවුලේ ඥාතීන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඇගේ දේහය අද (16) ගාල්ල, තල්ගම්පිටියේ නිවසට ගෙන ඒමට නියමිතව තිබූ අතර මේ කිසිවක් නොදත් පුතු මවට බරපතළ රෝගී තත්ත්වයක් නැති බැවින් ප්‍රථිකාරවලින් පසු නිවසට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි සිතා විභාග කටයුතු අවසන් කර තිබෙනවා.

පුතුගේ අනාගතය අඳුරු නොකර දැඩි ශෝකාණූකූළ අවස්ථාවක් වුවත් එය දරාගනිමින් සිය බිරිඳගේ හදිසි අභාවය පුතුගෙන් සඟවා ඔහුගේ කටයුතු සාර්ථකව අවසන් කරන තෙක් ගත්තාවූ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ පිරිස් පියා ඇතුලු පවුලේ ඥාතීන්ට ප්‍රණාමය පුද කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කීර්ති නානායක්කාර පවසන්නේ 1990 ගිලන් රථ සේවය රෝගියා රෝහලට ගෙන යෑම ප්‍රතික්ෂේප නොකර කඩිනමින් රෝහල් ගත කලේ නම් මීට වඩා සතුටුදායක ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුණු බවයි.

එමෙන්ම මේ ආකාරයට කටයුතු කරන සුළු පිරිසක් නිසා 1990 ගිලන් රථ සේවාව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විශ්වාසයේ බිඳවැටීමක් ඇති විය හැකි බවත් ඔහු පවසනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img