Monday, September 23, 2024
26.1 C
Sri Lanka

කටුනායක පහරදී තර්ජනය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර.

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට පහරදී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවට තහවුරුව තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර තිබුණා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහායි..

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබෙන අතර ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව වාර්තා වනවා.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙනවා.

පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණා.

එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ

“මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත.” යනුවෙනුයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img