Sunday, February 1, 2026
22.3 C
Sri Lanka

මත්ද්‍රව්‍ය පුච්චන අධිබලැති උඳුන කෝටියකට වැඩියි. පළමු මත්ද්‍රව්‍ය තොගය අද පස්වරුවේ විනාශ කරයි.

යුක්තියෙන් ඇල්ලූ ‍මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකර තිබෙන අධිබලැති උඳුනේ ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (මැයි 18) සවස 5:00ට සිදුකිරීමට නියමිතව ඇත.

‍මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ සහභාගිත්වයෙන් මෙය කරනු ඇත.

මෑතකදී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයන් 07 දෙනෙකු සන්තකයේ තිබී භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 279 ග්‍රෑම් 591ක් හා මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් ග්‍රෑම් 654ක ප්‍රමාණයක් අද විනාශ කෙරෙනු ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්සියස් අංශක 800-1200 අතර දක්වා උෂ්ණත්වයකින් විනාශ කිරීම සිදු කළ යුතු අතර, ඒ සඳහා පැය 8ක කාලයක් ගත වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර මෙම අධිබලැති උඳුන ශ්‍රී ලංකා පොලිසියේ වියදමින් මිලදී ගෙන ස්ථාපානය කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img