Tuesday, September 24, 2024
27.4 C
Sri Lanka

මත්ද්‍රව්‍ය පුච්චන අධිබලැති උඳුන කෝටියකට වැඩියි. පළමු මත්ද්‍රව්‍ය තොගය අද පස්වරුවේ විනාශ කරයි.

යුක්තියෙන් ඇල්ලූ ‍මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකර තිබෙන අධිබලැති උඳුනේ ප්‍රථම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම අද (මැයි 18) සවස 5:00ට සිදුකිරීමට නියමිතව ඇත.

‍මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ සහභාගිත්වයෙන් මෙය කරනු ඇත.

මෑතකදී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයන් 07 දෙනෙකු සන්තකයේ තිබී භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 279 ග්‍රෑම් 591ක් හා මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45ක් ග්‍රෑම් 654ක ප්‍රමාණයක් අද විනාශ කෙරෙනු ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්සියස් අංශක 800-1200 අතර දක්වා උෂ්ණත්වයකින් විනාශ කිරීම සිදු කළ යුතු අතර, ඒ සඳහා පැය 8ක කාලයක් ගත වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර මෙම අධිබලැති උඳුන ශ්‍රී ලංකා පොලිසියේ වියදමින් මිලදී ගෙන ස්ථාපානය කර තිබේ.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img