Sunday, February 1, 2026
22.3 C
Sri Lanka

සරසවි සිසුවියට හිරිහැර කළ තරුණයන් අත්අඩංගුවට.

විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර සිදුකළ තරුණයන් 06 දෙනෙකු හැටන් දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ මෙම තරුණයන් 06 දෙනා එම දුම්රියේ ම ගමන් ගත් විශ්වවිද්‍යාල තරුණියකට අවස්ථා කිහිපයක දී හිරිහැර වන ආකාරයෙන් දුම්රිය තුළ හැසිරී ඇති බව වාර්තා වනවා.

අදාළ තරුණිය විසින් මේ පිළිබඳව සිය දෙමව්පියන් දැනුවත් කර පසුව හැටන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හැටන් දුම්රිය ස්ථානයේ දී අදාළ තරුණයන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔවුන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සඳහන්.

සැකකාර තරුණයන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img