Saturday, January 31, 2026
24.8 C
Sri Lanka

මනමාලිවත් පෝරුවේ තනිකරලා මනමාලයා කරපු වැඩේ.

ඉන්දියාව කියන්නේ ක්‍රිකට් උන්මත්තකයන්ගෙන් අඩුවක් නැති රටක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් ඉන්දියාවේ හරි හරියට අමුතු අමුතු දේවලා සිද්ධ වෙනවා.

මේ කියන්නෙත් ඒ වගේ කථාවක්.

ලංකාවේ අපිත් අයි.පී.එල්. තරගාවලියේ ඒ ඒ කණ්ඩායම් අනුව බෙදිලා ඉන්නවා.

නුවන් තුෂාර ගහන හන්දා අපේ සමහරු මුම්බායි ඉන්දියන්ස්ට සපෝට් කරනවා.

මතීෂ පතිරණයි, මහිෂ් තීක්ෂණයි චෙන්නායි වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා අපිනම් චෙන්නායිට කියනවා.

ඒ වගේ මේ දවස්වල ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේත් සියලු ඇස් යොමුවෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රාන්තය නැතිනම් තමන් ප්‍රියකරන කණ්ඩායම දිනන බලාපොරොත්තුවට.

මේ පාර අයි.පී.එල්. තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් චෙන්නායි හා බැංගලෝරු අතර ඊයේ (18දා) පැවැත්වුණා.

ඒ තරගයෙන් අගනා ජයක් ලැබීමට බැංගලෝරු කණ්ඩායම් සමත් වූ අතර, ඔවුන් ප්ලේ ඕෆ් වටයේ සිය ස්ථානයත් වෙන්කරගත්තා.

මේ තරගය පැවැත්වෙද්දී, ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක විවාහ උත්සවයක්ද පැවැත්වුණා.

ඒ උත්සවය උග්‍ර බැංගලෝරු ක්‍රීඩා ලෝලීන්ගේ විවාහ උත්සවයක් කිව්වත් වරදක් නැහැ.

ඔවුන්ගේ උද්යෝගය කොතෙක්ද කියනවානම්, විවාහ උත්සවයේ ප්‍රධාන වේදිකාවට පසෙකින් පුළුල් රූපවාහිනියක ඒ වනවිට පැවැත්වෙමින් තිබූ බැංගලෝරු – චෙන්නායි තරගය මංගල සාදයට පැමිණෙන අයට නැරඹීමට සලස්වා තිබුණා.

එහි බොහෝ දෙනෙකුගේ අවධානය තිබුණේද, එම උත්සවයට වඩා ඒ තරගයට.

එහි විශේෂත්වය වූයේ තරගය නරඹන්නන් අතර ඉදිරියෙන්ම සිටියේ මනමාලයා වීමයි.

ඒ වනවිට පැමිණෙන හිතමිත්‍ර ආදීන් මනාල යුවල සමග ඡායාරූප ගැනීමේ අවස්ථාව යෙදී තිබුණත්, මනමාලයට ඒ සියල්ලට වඩා අංක එක වී තිබුණේ බැංගලෝරු ජය.

ඒ හේතුවෙන් ඔහු මනමාලිවත් අමතකර යාළුවෝ සමග තරගය නරඹමින් සිටියා.

ඒ හේතුවෙන් ඔහුව බලෙන්ම නැවත හරවා යැවීමට සිදු වූ අතර, එලෙස යද්දී “කසාදෙනෙම් කොයිවෙලේ කරගන්න බැරිද, ඒ වගේද කෝලිලා දිනනවා බලන එක” යනුවෙන් කියා යන්නට ඇතැයි වීඩියෝ නරඹන ඕනම කෙනෙකුට සිතෙනු ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img