Saturday, January 31, 2026
24.8 C
Sri Lanka

ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමුවේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටුණු ස්ථානය සෙවීමට තුර්කි ඩ්‍රෝන යානයක් එරට නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයට යොමු කර ඇති අතර අනතුරුව උණුසුම් තාප ප්‍රභවයක් සහිත ස්ථානයක් හඳුනා ගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර තිබුණා.

මේ අනුව දැවෙන ස්ථානයක් හඳුනාගෙන ඇති අතර, තාවිල් ලෙස හඳුන්වන එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා තිබෙනවා.

ඝන මීදුම සහ අධික ශීතල සහිත දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ කඩා වැටුණු ස්ථානය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීමේ උත්සාහයන් සඳුදා රාත්‍රිය පුරා සහ මේ දක්වා අඛණ්ඩව සිදු වනවා.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් මෙහෙයුම් සදහා එක් කර ඇතැයි ද රතුකුරුස සංවිධානය සදහන් කරනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img