Friday, January 30, 2026
23.1 C
Sri Lanka

ගුවන් යානයක කැළඹීමෙන් මියගියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් – 71කට තුවාල.

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී මියගිය පුද්ගලයා 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගුවන් යානය තුළ ඇතිවූ මෙම කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් මගීන් 71 දෙනෙකු තුවාල ලැබුවා.

මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

ඉන් ගුවන් මගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම තත්ත්වයෙන් පසුව බොයිං වර්ගයේ මෙම ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බවයි.

ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මගීන් 211 දෙනාගෙන් 131 දෙනෙකු පසුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් ගමනාන්තය වෙත යොමුකර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img