Friday, January 30, 2026
23.1 C
Sri Lanka

ඉරාන ජනපති මියගිය සොවින් හඬන ලංකාවේ දරුවා.

“ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණා ” යැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පවසනවා.

“ඉරාන ජනාධිපතිතුමා පිළිගැනීමට මාව තෝරා ගත් බව දැනගත්තාට පසු මට කිව නොහැකි සතුටක් ඇතිවුණා. මට තිබුණේ එතුමා බුලත් හුරුල්ලක් දී සිංහල ක්‍රමයට පිළිගන්නයි. එතුමා ප්ලයිට් එකෙන් බැහැලා එනකොට මම බුලත් හුරුල්ලද්දී වැඳ එතුමා පිළිගත්තා.

බුලත් හුරුල්ලක් දී පිළිගන්නවාත් එක්කම එතුමා මගේ හිස අත ගා මා බොහොම ආදරයෙන් සිප ගත්තා. එතුමා මේ විදිහට හිස අත ගා සිපගනීවි යැයි කියා කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමාගේ රටේ භාෂාවෙන් මාත් එක්ක මොනවද කිව්වා. මේ කියපු දේවල් මට තේරුණේ නැහැ. මේක මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් වේවි.

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවෙ ප්‍රේමා ආච්චි ඒ කියන්නේ මගේ තාත්තාගේ අම්මා කිව්වා පුතේ ඔයා බුලත් දී පිළිගත්ත ඉරාන ජනාධිපතිතුමා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින් කියලා. ආච්චි අම්මාගේ මේ කතාව අහලා මගේ හිතට දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් ඇතිවුණා. ඇස් දෙකට කඳුළුත් ආවා. අපේ ආගම අනුව එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා” යැයි ද සිසුවා සඳහන් කළා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img