Friday, March 13, 2026
20.7 C
Sri Lanka

සේප්පු කඩා “කෝටි ගණන් උපයා” සැපගත් තරුණයා.

වෙන්නප්පුව අංගම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් හා මුදල් සහ ජා ඇළ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ගිය බව කියන තරුණයෙක් බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත පදිංචි අවුරුදු තිහක් වයස තරුණයෙකි.

මොහු තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටින්නකු බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම සොරකම් සිදුකර ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවීයැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම බැංකු දෙක කඩා සොරා ගත් රන් භාණ්ඩ තොගය විකුණා ලබාගත් මුදල්වලින් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් ක්‍රීඩාවට කැසිනෝ ක්‍රීඩා කළ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි සඳහන්..

වෙන්නප්පුව අංගම්පිටිය සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා ඒ තුළ තිබියදී සොරා ගත් රුපියල් කෝටි හයක මුදලකින් කොටසක් වියදම් කර වෙන්නපුව ප්‍රදේශයේ අයකුගෙන් මොහු මෝටර් රථයක් ද මිලදී ගෙන ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img