Wednesday, January 28, 2026
17 C
Sri Lanka

පුතුගේ අකීකරුකම ඉවසාගත නොහැකි තැන, අහස පොළොව නුහුලන අපරාධයක් කළ මවක්.

ඉන්දියාවේ ත්‍රිපුර ෂෝකර් හි මවක්, සිය නව හැවිරිදි පුතුගේ ගෙල සිරකර මරණයට පත්කර තිබෙනවා.

ඉදිකිරීම් වැඩබිමක දෛනික කම්කරුවෙකු ලෙස සේවය කරන සුප්‍රභා බාල් නැමති මෙම කාන්තාව පාපොච්චාරණය කර ඇත්තේ, පුතුගේ “අකීකරුකම” නිසා තමා මෙවන් තීරණයක් ගත් බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව සුප්‍රභාගේ සැමියා අතුරුදන්ව ඇති අතර දියණිය විවාහකය. ඇය රැකියාව කරමින් පුතුව තනිවම ඇති දැඩි කරැති බව සඳහන්.

එලෙස තමා පුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වුවද ඔහුගේ නොමනා හැසිරීම් පාලනය කිරීමට නොහැකි වූ බවයි ඇය පවසන්නේ.

එවන් තත්ත්වයක් උඩ පුතුගේ “අකීකරු” හැසිරීම නිසා කලකිරුණු තමා ඔහුගේ ගෙල මිරිකා මරා දැමූ බවයි පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පුත්‍රයා ඉගෙනීම ද නොසලකා හරිමින් මුදල් සොරකමේ පවා ගිය බව ඇය පවසා තිබෙනවා.

එයාකාර ඔහුගේ ක්‍රියාකලාපය තමාට රැකියාවට යාමට හෝ සාමකාමීව ජීවත්වීමට සිත් නොදුන් නිසාවෙන් මෙලෙස පුතුව මරා දැමීමට තීරණය කළ බවත්, ඒ වෙනුවෙන් තමා හිරේ යාමට වුවද සූදානම් බවයි සුප්‍රභා පාපොච්චාරණය කර ඇත්තේ.

කෙසේ නමුත් පොලිසිය නිවසට පැමිණෙන විටත් ඇය පුතුගේ සිරුර අසල වාඩි වී බලාගෙන සිටි බව සඳහන්.

ඝාතනය සඳහා යොදාගත් බව කියන ලණු කැබැල්ලක් සහ පොලු කැබැල්ලක් ද නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img