Wednesday, January 28, 2026
16.5 C
Sri Lanka

ශ්‍රී ලංකා තරගයට වැස්ස හරස් වෙයිද ?

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩාකරන මීළඟ තරගය ලෝඩර්හිල්හිදී නේපාලයට එරෙහිව පැවැත්වෙන අතර, මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12දා) අළුයම 5.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් ක්‍රීඩාංගණයෙන් ලැබෙන වාර්තා අනුව මෙම ප්‍රදේශයට දින කිහිපයක සිට දැඩි අකුණු සහිතව වර්ෂාවක් ඇඳ හැලෙමින් තිබේ.

විශේෂයෙන් රාත්‍රි කාලයේ වර්ෂාවේ වැඩිවීමක් තිබෙන බවද වාර්තා වෙනවා.

එසේ වුවහොත් ශ්‍රී ලංකා – නේපාල තරගයද රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා ඇති නිසා, තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි ප්‍රවණතාවක් තිබේ.

තරගය පැවැත්වෙන Central Broward Stadium (The CBRSP) ක්‍රීඩාංගණයේ අකුණු අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක්ද ස්ථාපිත කර ඇති අතර, අද දිනයේද එම පද්ධතිය විටින් විට නාද වී තිබේ.

එනිසා යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් හෝ අකුණු නිසා තරගය නතර කිරීමට සිදුවුව හොත්, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචාරයත් එතැනින්ම නවතිනු ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img