Saturday, March 14, 2026
21.6 C
Sri Lanka

එංගලන්තයට කඩුලු 08ක විශිෂ්ට ජයක්. සුපිරි අට ගැන ඉහළ බලාපොරොත්තුවක්.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩයම සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 48ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 3.1ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහි දී ජෝස් බට්ලර් ලකුණු 24ක් සහ ෆිල් සෝල්ට් ලකුණු 12ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එහි දී ඔවුන් ප්‍රසාද ලකුණු 03ක් ලබාගෙන ඇති අතර ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක 3.081ක් වනවා.

ප්‍රසාද ලකුණු 5ක් සමඟින් අදාළ සටහනේ දෙවන ස්ථානයේ පසුවන ස්කොට්ලන්තයේ දළ ලකුණු ලබාගැනීමේ වේගය 2.164ක්.

මූලිකයේ වටයේ එංගලන්තය නැමීබියාව සමඟ තරග වැදීමට නියමිත අතර එම තරගය ජය ගන්නේ නම් ඔවුන්ට සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වනු ඇති.

කෙසේ වෙතත්, ස්කොට්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත එංගලන්තයේ ලෝක කුසලාන ඉදිරි බලාපොරොත්තුව රඳා පවතිනු ඇති.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img