Friday, March 13, 2026
25.2 C
Sri Lanka

නිළියගේ ගණිකා ජාවාරම වැටලූ හැටි, අත්අඩංගුවට ගත් සුරූපිනියන්ගේ විස්තර එළියට.

හිටපු ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන විමර්ශනවලට අනුවයි.

අදාළ ජංගම ගණිකා ජාවාරම මෙහෙයවා ඇත්තේ, කාමුක දර්ශනවලට පෙනී සිටි නිළියක් විසින්.

කොළඹ තරු පන්තියේ ඇතැම් හෝටල්වලට සුපිරි නිවාස සංකීර්ණවලට සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ ඇතැම් රාත්‍රී සමාජ ශාලාවලට මෙම කාන්තාවන් රැගෙන ගොස් දෙන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබුණා.

ඒ සඳහා කුලී පදනම මත ලබා ගත් සුපිරි වාහන යොදා ගෙන ඇති බව සඳහන්.

විදෙස් මත්පැන් සාද පමණක් නොව අයිස් මත්ද්‍රව්‍ය පවා භාවිත කරන ධන කුවේරයන් විසින් ගෙන්වා ගත් මෙම නිළියන් සහ සුරූපිනියන් ‌තම කාමුක හැඟීම් සන්තර්පණය කර ගන්නා බවටයි තොරතුරු ලැබී තිබුණේ.

උපාය දූතයකු ද මෙම නිළිය ඇතුළු සුරූපිනියන් කොටු කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට යොදවාගෙන ඇති බව සඳහන්.

එම දූතයා කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජංගම ගණිකා ජාවාරම මෙහෙයවන නිළියට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව නිළිය ඇතුළු සුරූපිනියන් පස් දෙනෙකු ඉල්ලා ඇති බවත් ඊට අවශ්‍ය මුදල් ප්‍රමාණය ගෙවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ඊට අදාළ ජාවාරම මෙහෙයවන නිළිය ද සිය එකඟත්වය පළ කර තිබෙනවා.

ඔවුන්ට කෝරළඉම දෙමටහැත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් ඉදිරිපිටට පැමිණෙන ලෙසටයි ඉල්ලා ඇත්තේ.

ඉන් අනතුරුව වෙස්වලාගෙන සැඟව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මෙම සැකකාරියන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී උපත් පාලන කොපු රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම ජාවාරම මෙහෙය වූ නිළිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සෙසු කාන්තාවන් අම්පාර, බියගම, බොරලැස්ගමුව සහ මාතර යන පොලිස් වසම්වල පදිංචිකාරිනියන් වනවා.

පොලිසියට කොටු වූ නිළිය ඇතුළු සුරූපිනියන් අවුරුදු 25 සහ 45 යන වයස්වල පසු වන අය බව සඳහන්.

නිළිය හැර සෙසු සිව් දෙනාම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික ආයතනවල ඉහළම තනතුරු හොබවන අය වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් වූ නිළියගේ ජංගම දුරකතනයේ ජනප්‍රිය සුප්‍රසිද්ධ නිලියන් ගණනාවකගේම ඡායාරූප සහ විස්තර තිබූ බව සඳහන්.

ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම නිළියන් සහ සුරූපිනියන් සිය නිවසට ගෙන්වාගෙන ඇති අවස්ථා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

තමන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින්, මොවුන් ගණිකා වෘත්තිය තෝරගත් බවයි, පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

රුපියල් 45,000 සිට ලක්ෂය දක්වා වන මුදලකට මෙම සුරූපිනියන් අලෙවි කර ඇති බව සඳහන්.

මෙම සුරූපී නිළියන්ගේ පහස ලබා උපරිම සතුටට පත් වූ ධනවතුන් ඔවුන්ට අමතර මුදල් සහ තෑගි ලබා දී ඇති බවට ද පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ති‌බෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සුරූපී නිළිය ඇතුළු පස්දෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img