Friday, December 5, 2025
20.1 C
Sri Lanka

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක්: පවිත්‍රා වන්නිආරච්චි කියයි.

රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඒ මහත්මිය කියා සිටියේ.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද (14) ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිටමොරකැටිය අතු ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්.

රුපියල් ලක්ෂ 350ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරෙන මෙම විකල්ප මාර්ගය ඇඹිලිපිටිය නගරයේ පවතින රථ වාහන තදබදයට තිරසාර විසඳුමක් ලැබෙනු ඇති.

වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කෙරෙන මෙම විකල්ප මාර්ගය ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගය ප්‍රතිසංස්කරණයට සමගාමීව මොරකැටිය බෙදුම් ඇළ හරහා පවතින පාලම සහ, ඇඹිලිපිටිය සිට නෝනගම මාර්ගයට සම්බන්ධ වන විකල්ප මාර්ගය ද ප්‍රතිසංස්කරණය කෙරෙනවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශක්තිමත් දේශපාලන ගමනක් සඳහා සියළු දෙනා ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවයි.

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් බවත්, ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී අවධාරණය කර සිටියා.

කෝවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් රටට සංචාරකයින් නොපැමිණි බවත්, ඒ හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් ඇය පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෞෂල්‍යයා විජේවීර, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් විශාකා පීටර්, වලව මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංජිනේරු සුජිත් ගුණසේකර, ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img