Wednesday, September 18, 2024
21.2 C
Sri Lanka

ක්ලබ් වසන්ත ඝා#තනයේ හෙළි වන අලුත්ම රහස්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

වෙඩික්කරුවන් අදාළ ඝාතනය සිදුකරන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණි.

ඒ අනුව, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කළේය.

එහි ප්‍රතිඵයක් ලෙස වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ඝාතනය සිදුවී සුළු වේලාවක් තුළ සොයාගත්තේ, කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ මාර්ගයක හැර දමාගොස් තිබියදීය.

මෝටර් රථයේ පැමිණි පිරිස වෙනත් වෑන් රථයකින් කොරතොට සිට පළාගොස් තිබූ අතර එම වෑන් රථයද ඊයේ රාත්‍රියේදීම සොයාගැනුණි.

ඒ බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක හැර දමාගොස් තිබියදීය.

එහි අංක තහඩු ද අපරාධකරුවන් ගලාවාගෙන ගොස් ඇති අතර පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් එහි විමර්ශන දියත් කෙරුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථයේ සිටි පිරිස රත්නපුර අයගම ප්‍රදේශය දෙසට පළාගොස් ඇති බවය.

එමෙන්ම වෑන් රථයේ තිබී අත්ල සටහන් 6ක් සහ ඇඟිලි සලකුණු 2ක් පොලීසිය සොයාගෙන තිබේ.

වෑන් රථයේ ඉදිරි වම්පැත්තේ රෝදය අසල බඳෙහි තිබී බෙලිඅත්ත ප්‍රදේශයේ නම සඳහන් මුද්‍රා සටහනක් පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරන්නේ මෙම වෑන් රථය එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වූවක් බවය.

එය බෙලිඅත්ත දෙස සිට පැමිණ ඇතැයි සැකකරන බවත් පොලීසිය සඳහන් කළේය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශනවලදී මේවන විට අනාවරණය වී ඇත්තේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවය.

කංජිපානි ඉම්රාන් නැමති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි යෙදුම හේතුවෙනි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබන ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරෙමින් පවතින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂ‍ාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

ඇයට පැය 4ක පමණ ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම් 5ක් එක්ව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් පාදයට දරුණු තුවාල සිදුව තිබුණි.

මේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳව හෝමාගම රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

ඇයගේ තත්ත්වය බරපතළ බැවින් මේවන විටත් ඇය එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙක් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.

මේ අතර ක්ලබ් වසන්තගේ හා අනෙක් පුද්ගලයාගේ සිරුරු තවමත් හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img