Friday, December 5, 2025
21 C
Sri Lanka

මගීන්ට දැනුම්දීමක් – දුම්රිය ගමන් රැසක් නවතී.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම සිට එක් දුම්රියක්ද කොළඹ කොටුව දක්වා ධාවන කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (10) දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන අතර සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබේ.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සඳහා දුම්රිය පාලකවරුන්ගේ සංගමය ද තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති දීශන පටබැඳිගේ මහතා සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ අතර ඊයේ රාත්‍රීයේ ද දුම්රිය මගීන් කලහකාරීව හැසිරෙන අයුරු දක්නට ලැබුණි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img