Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

රටින් එන මීහරක්.

මෙරට එළදෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු බැවින්, දිනකට වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි එළ, මී ගවයන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙරට සිටින මී සහ එළ ගවයකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් දක්වා අඩුවී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ වැඩි දියුණු කරන ලද එළ ගවයන් සහ මී ගවයන් ලබා ගැනීම පිළිබඳ මෙරට ඉන්දීය සහ පාකිස්තාන මහ කොමසාරිස්වරුන් සමග කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පසුගියදා සාකච්ඡා කළේය.

දැනට ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකම ගවයන් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණද, ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයන් ලබා දීමට මෙම සාකච්ඡාවලදී එකඟත්වය පළ කරනු ලැබීය. නව කෘෂි තාක්ෂණය ඔස්සේ එම රටවල්වලින් ආනයනය කරන එක් ගවයකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව අනාවරණය වී තිබේ.

ඉන්දීය රජය විසින් “සහිවාල්“ නමැති එළ ගව විශේෂය ද, පාකිස්තානය විසින් “මුරා“ නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය. මෙම ගවයන් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇතැයි ද ඇමැති මහින්ද අමරවීර පැවැසුවේය.

ලබන වසරේදී (2025) මෙරට කිරි කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇති අතර, එම ඉලක්ක සපුරාගැනීම සඳහා මෙලෙස එළ ගවයන් සහ මී ගවයන් ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img