Saturday, March 14, 2026
21.6 C
Sri Lanka

බඩ අඩු කරන අලුත්ම මැජික් එක.

ස්ථුලතාවයකින් පෙලුනත් නැතත්, උදරය ඉදිරියට නෙරා ඒමේ තත්ත්වයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එයින් වැළකීමට නිරන්තර ව්‍යායාම කිරීම, ආහාර පාලනය වැනි දේ අනුගමනය කළත්, උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගත නොහැකි යැයි බොහෝ දෙනා මැසිවිලි නගනවා. රාත්‍රි ආහාර ප්‍රමාණය අඩු කිරීම, මස් කෑමෙන් වැළකීම, බියර් ආදිය පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම, නිරන්තරයෙන් ජිම් එකටම වී සිටීමෙන් පමණක්ම බඩ අඩුකර ගැනීමට හැකි යැයි පැවසෙනවා. එහෙත් මේ සියල්ල කළත්, උදරය ඉදිරියට නෙරා ඒම වැළැක්විය නොහැකි බවට සමහරෙක් පවසනවා. ඒ නිසාම නිවසේ සිටම වැඩි මහන්සියකින් තොරව ඔබේ එදිනෙදා දින චර්යාවට එක්කර ගත හැකි පුරුදු කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

  1. උදෑසනට මී පැණි හැන්දක් පානය කරන්න.

උදෑසන අවදි වූ විගස හිස්බඩ මී පැණි හැන්දක් පානය කර ජලය වීදුරුවක් පානය කරන්න. ඉන් පසුව පැයක් පමණ ගතවනතුරු කිසිවක් ආහාරයට ගැනීමෙන් හෝ පානය කිරීමෙන් වළකින්න.

  1. හැකිතාක් ඇවිදින්න.

සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා ඇවිදීමට හැකි දුරත්, ඇවිදිනවා වෙනුවට වාහනයකම ගමන් කිරීමට පුරුදුව සිටිනවා. මෙය ඔබේ සෞඛ්‍යයට විවිධ ආකාරවලින් අහිතකර බලපෑම් එක් කරනවා. සාමාන්‍යයෙන් ඔබ කාර්යාලයට යන විට කාර්යාලය ආසන්නයේම ඇති බස් නැවතුම්පොල භාවිත නොකර ඊට බස් නැවතුම් තුනක් හතරක් ඈතින් ඇති බස් නැවතුමකින් බැස කාර්යාලය දක්වා ඇවිදින්න. එකවිටම මෙය සිදුකළ නොහැකි නම්, බස් නැවතුම් ගණන එකින් එක වැඩි කරන්න. මෙවිට ඔබ නොදැනුවත්වම ඇවිදීම තුළින් ශරීරයට ව්‍යායාමයක් ලබාගත හැකියි. මෙය කාර්යාලයෙන් පිටවන විටත් අනුගමනය කළ හැක්කක් නම් වඩා උචිතයි.

  1. බත් පිඟානට සුදු ළූණු බික් දෙක තුනක් එක් කර ගන්න.

සුදු ළූණු යනු බඩ අඩු කර ගැනීමට ඉතාමත්ම හොඳ ඖෂධයක්. සාමාන්‍ය ආහාර වේලට සුදු ළූණු බික් දෙක තුනක් එක්කර ගැනීමට හැකිනම් එය ඉතා යහපත්. සුදු ළූණු ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක්කර ගන්නා අවස්ථාද තිබෙනවා. ඊට අමතරව අමු සුදු ළූණු කුඩා කැබලි ලෙස කපා දහවල් ආහාරයට එක්කර ගැනීමෙන් කෙටි කාලයක් ඇතුළත ඔබේ උදර ප්‍රමාණය අඩු කරගත හැකි බව කිව යුතුමයි.

  1. රාත්‍රි හතෙන් පසු ආහාර ගැනීමෙන් වැළකීම.

පස්වරු 06.30 සිට 07 දක්වා කාලය තුළ රාත්‍රි ආහාරය ගෙන ඉන් පසු කිසිවක් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමෙන්ද ඔබගේ උදර ප්‍රමාණය අඩු කරගත හැකි බව කිව යුතුයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img