Friday, December 5, 2025
20.1 C
Sri Lanka

ක්ලබ් වසන්ත ඝා#තන තැත දෙපාරක්ම වැරදිලා – තොරතුරු රැසක් එළියට

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ටැටූ ව්‍යාපාරික ස්ථානයක ගෙන්වා ගැනීමට දෙවරක්ම උත්සහ කළද ඒවා ව්‍යාර්ථ වී ඇතැයිද ඔහුව එම ව්‍යාපාරික ස්ථානයට ගෙන්වා ගෙන ඇත්තේ තෙවැනි වතාවට උත්සහ කිරීමෙන් බව ප්‍රශ්න කිරීමේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනාවරණය කර තිබෙන බව වාර්තා වනවා.

පළමු උත්සහයන් දෙකේදීම ක්ලබ් වසන්ත කාර්යබහුල වීමත් වරෙක ඔහු විදෙස් ගත වීමට තැත් කිරීමත් නිසා ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණ නැත. ඔහු තෙවැනි වතාවට පැමිණි මොහොතේ දී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට නැතහොත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරුට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් තිබෙනවා. අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසින්.

ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතයි.

එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමයි. මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය පවසනවා.

මේ ආකාරයට අත් අඩංගුවට ගත් සෑම සැකකරුවෙකුටම විටෙන් විට රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක් ඩුබායි පාතලයෙන් ලැබී ඇති බවත් මෙසේ මුදල් ලබා දෙමින් සිදු කර ඇත්තේ ඔවුන් තමන් වෙත නම්මා ගැනීම බවත් විමර්ශනයේ දී පෙනී ගොස් තිබෙනවා.

එම සැකකරුවන් සියලු දෙනා ඝාතකයන්ට අවශ්‍ය වාහන සැපයීම හා ඒවා සම්බන්ධීකරණය සඳහා අතරමැදි පහසුකම් සැලසූවන් වන නමුත් ඝාතකයන් දෙදෙනා තවමත් සොයාගෙන නැත.

ඝාතකයින් පළපුරුදු වෙඩික්කරුවන් බවත්, ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් භාවිතා කළ තුවක්කුව LTTEය පාවිච්චි කළ ගිනි අවියක් බව පෙනී යන බවත් පොලීසිය පවසනවා.

ඝාතකයන් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාම වැළැක්වීම සඳහා මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව දැනටමත් තර කර තිබෙන අතර ඔවුන් පිළිබඳ විශ්වසනීය තොරතුරක් ඇත්නම් 0718 59 16 87 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලයි.

මේ අතර ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිතයි.

දේහය හෙට (12) පෙ.ව. 8.3 සිට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තැබෙනවා.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img