Saturday, December 6, 2025
19.1 C
Sri Lanka

ක්ලබ් වසන්ත‌ගේ දේහය තබාගත් මල් ශාලා හිමිකරුට ඇමතුමක්.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය අද (12) බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, මහජන ප්‍රදර්ශනය සහ විදේශගතව සිටින සමීප ඥාතීන්ගේ කීපදෙනකු මෙරටට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඉන් අනතුරුව හෙට (13) පස්වරු පහට දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මෘත දේහය මල් ශාලාව තුළ තබා නොගන්නා ලෙසට තර්ජනාත්මක ඇමතුමක් පෙරේදා (10) රාත්‍රියේ ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව එහි හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති බව සඳහන්.

මල්ශාලාවේ ස්ථාවර දුරකතනයට අදාළ ඇමතුම ලැබී ඇති අතර එහි අංකය සටහන් වන්නේ නැහැ.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි, බොරැල්ල පොලිසිය සඳහන් කර ඇත්තේ.

ඉන් අනතුරුව දුරකතන අංකය සොයාගෙන ඒ අනුව ලිපිනය සොයාගෙන පුද්ගලයා හඳුනා ගැනීමට නියමිතයි.

පසුගිය 08 වැනිදා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඔහුගේ බිරිය මෙන්ම ජනප්‍රිය ගායිකා කේ. සුජීවා සහ ඇගේ සැමියා ඇතුළු කීපදෙනකු ටැටූ කලාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා.

එහි දී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබුණා.

බරපතළ තුවාල ලද ක්ලබ් වසන්ත ඇතුළු පිරිස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වසන්ත සහ තවත් පුද්ගලයකු ඒ මොහොත වන විටත් මිය ගොස් සිටි බව සඳහන්.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබුණා.

හිසට සහ පපුවට මෙන්ම උදරයට එල්ල වී තිබූ වෙඩි උණ්ඩ අටක් ක්ලබ් වසන්තගේ සිරුරේ තැන තැන තිබී හමු වූ බව සඳහන්.

ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව බොරැල්ල පෞද්ගලික මල් ශාලාවට රැගෙන එනු ලැබුවා.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපෝච්චාරණය සමාජ ගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස් කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසටයි පොලිස්පතිවරයා වෙත දන්වා ඇත්තේ.

මෙම කොමිසම ඊයේ (11) රැස්වූ අවස්ථාවේ දී අදාළ තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img