Friday, December 5, 2025
21 C
Sri Lanka

රු ලක්ෂ 10කට පොල්ල තියන්න ගිය OIC මාට්ටු.

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි.

ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන් පැමිණ පහරදුන් බවය.

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා එංගලන්තයේ සංචාරක වීසා ලබාගැනීම සඳහා අයදුම් කර තිබුණත් එය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී ඇත.

පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පිහිටි සංචාරක වීසා හා උපදේශන ආයතනයක් වෙත ගොස් වීසා ලබාගැනීමට යළි අයදුම් කර තිබේ.

එම ආයතනය මැදිහත් වී පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා පහසුකම් ලබාදී තිබුණු අතර ඒ සඳහා රුපියල් 1,003,200ක මුදලක් වීසා ආයතනයට වැයවී තිබුණි.

පසුව ජුලි 2 වනදා පෙරවරුවේ දෙහිවල පිහිටි වීසා ආයතනයට පැමිණි පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා සිය විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා තිබේ.

එහිදී වීසා ආයතනයේ හිමිකරු පවසා ඇත්තේ වීසා සකස් කිරීමට වැයවූ රුපියල් ලක්ෂ 10ක මුදල ගෙවා විදෙස් ගමන් බලපත්‍රය රැගෙන යන ලෙසය.

නමුත් එම අවස්ථාවේදී පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ආයතනයේ හිමිකරුට අසභ්‍ය වචනයෙන් බැන වැදී තරවටු කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇත.

පසුව එම පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි.

නැවත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී අදාළ ආයතනය වෙත පැමිණ එහි සේවක සේවිකාවන් බියවද්දන ආකාරය ද CCTV කැමරාවේ සටහන්ව ඇත.

එමෙන්ම ජුලි 2 වනදා පස්වරු 4.30ට පමණ දෙහිවල පොලීසියේ ස්ථානාධිපතිවරයා ද එම ආයතනයට පැමිණ එහි හිමිකරු සහ කළමනාකරුට යම් දෙයක් පවසා බලහත්කාරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණි.

ඉන් අනතුරුව අදාළ ආයතනයේ හිමිකරු සහ කළමනාකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දෙහිවල පොලීසිය පියවර ගෙන තිබුණු අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණේ මුදල් ගෙවා විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නා ලෙසය.

අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණු අදාළ ආයතනයේ හිමිකරු දෙහිවල පොලීසියෙන් තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දෙහිවල විදෙස් සංචාරක ආයතනයේ හිමිකරු,

“එයා කිව්වා… මම පොලිස් OIC කෙනෙක්. මට දන්නවා කොහොමද මේක ගන්න ඕන විදිය කියලා. මට ගහලා ඇදගෙන ගිහින් ජීප් එකට දාගත්තා. දෙහිවල පොලීසියට එක්කගෙන ගිහින් බිම දාගෙන ගැහුවා. බෙල්ල මිරිකලා කූඩුව ඇතුළට දැම්මා. කට උත්තරයේදී මම කියන එක නෙමෙයි ලිව්වේ. අන්තිමට මම බයට අත්සන් කළා.”

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img