Friday, December 5, 2025
21 C
Sri Lanka

ජනපති අපේක්ෂකයගේ එක් ඡන්දයක වියදම රුපියල් 5ට අඩු විය යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් පහට අඩු වියයුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයෝ සඳහන් කරති.

මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකු වෙනුවෙන් අවම වශයෙන් රුපියල් පහ බැගින් වැය කළත්, 

සමස්ත ඡන්දදායකයන් සඳහා එම අපේක්ෂකයාට රුපියල් කෝටි අටහමාරක මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි අනාවරණය වේ.

මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන්නේය.

ඒ අනුව, කල්ගොස් තිබෙන පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්ෂකයකු සඳහා තමන් තරග කරන කොට්ඨාසයේ ඡන්දදායකයකු සඳහා ප්‍රචාරක කටයුතුවලදී වැයකළ හැකි මුදල රුපියල් 20 ක් බවට තීරණය කර තිබිණි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 17,000,000 ක් සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව, ජනාධිපතිවරණයේදීද එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකු සඳහා රුපියල් 20 බැගින් වැය කළහොත් එම අපේක්ෂකයාට වැය වන සමස්ථ මුදල රුපියල් කෝටි 34 කි.

ඡනාධිපතිවරණය අවසන්වී ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන ලද දිනයේ සිට දින 21 ක කාලයක් තුළදී අපේක්ෂකයන් විසින් අනිවාර්යයෙන්ම විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශනයක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය.

මෙම ගිණුම් ප්‍රකාශනය නොදෙන අපේක්ෂකයන්ට විරුද්ධව මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගතහැකි අතර, අදාළ විගණනයට සත්‍ය වියදම් ඉදිරිපත් කර නැතිනම් ඊට විරුද්ධව ඕනෑම අයකුට අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමේ හැකියාව ඇත.

කෙසේ නමුත්, අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන් සඳහා වැයකරන මුදල කොතෙක්දැයි යන්න සම්බන්ධව නිශ්චිත නියාමනයක් සිදු නොවන බවද පැවසේ.

ඉකුත් 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයකු මොණරාගල දිස්ත්‍රික්කයේ මදුරකැටිය ඡන්ද කොට්ඨාසය තුළ ඡන්ද දායකයන් 1,700 කට රුපියල් කෝටි හතරක මුදලක් වැයකර තිබූ බව අනාවරණය විය.

ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත් විය. මෙවර ජනාධිපතිවරණයේදීද එවැනිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වුවහොත්, සියලු අපේක්ෂකයන් විසින් ඡන්ද අපේක්ෂකයකු සඳහා දළ වශයෙන් රුපියල් 5 බැගින් වැය කළහොත් වැයවන සමස්ථ මුදල රුපියල් කෝටි 297 කට අධිකය.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img